බෙහෙත් මිලට වෙන්න යන දේ

ඖෂධ ව්‍යාපාරිකයන්ට අවශ්‍ය ලෙස ඖෂධ මිළ වැඩි කිරීමට හැකියාවක් නොමැති බව ඖෂධ නිෂ්පාදනය සැපයීම හා නියාමන රාජ්‍ය අමාත්‍යාංශය අවධාරණය කරනවා.

අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ ශ්‍රී ලංකාව තුල ඖෂධ මිල පාලනය කරන්නේ ජාතික ඖෂධ නියාමන අධිකාරියේ මිල පාලන කමිටුව විසින් බවයි.

එය විද්වතුන් 13 දෙනෙකුගෙන් සමන්විත බවත් විශේෂඥ වෛද්‍ය පාලිත අබේකෝන් මහතා එහි සභාපතිත්වය දරන බවත් අදාල නිවේදනයේ සදහන්.

ඩොලරයට සාපේක්ෂව රුපියලේ සිදුවූ වෙනසට අනුපාතිකව ඖෂධ මිළ වැඩි කිරීමට සිදුවන නමුත් ඖෂධ ව්‍යාපාරිකයන්ට අවශ්‍ය පරිදි මිළ වෙනස් කළ නොහැකි බව ඖෂධ නිෂ්පාදන රාජ්‍ය අමාත්‍යාංශයේ ස්ථාවරයයි.

ශ්‍රී ලංකාව තුල ඖෂධ මිළ නියාමනය ඖෂධ ආනයනකරුවන් හා ඔසුසැල් හිමියන්ට සිදු කළ හැකියි යන අරුත සහිත පුවතක් අද පුවත්පත්වල පළවි තිබු බවත් එය සාවද්‍ය බවත් අමාත්‍යාංශය වැඩිදුරටත් පෙන්වා දෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මුළු නුවරඑළියම මීදුමෙන් වැසී යයි
01:26
Video thumbnail
මෛත්‍රීට බේරිලා යන්න දෙන්න බෑ - නීතිය ක්‍රියාත්මක කරන්න ඕනේ
10:39
Video thumbnail
නාමල්ට එන චෝදනාවලට පොහොට්ටුවෙන් CIDට පැමිණිල්ලක් - "ආණ්ඩුව දන්නවා නාමල් මේක අතට ගන්නවා කියලා"
05:13
Video thumbnail
නුවරඑළිය ග්‍රෙගරි වැවේ බෝට්ටු පැදීම තහනම් කරයි
01:10
Video thumbnail
දයාසිරි, බිමල් පැටලෙයි - හිනාවෙන්න එපා, ගිහින් ඉගෙනගෙන එන්න
13:27
Video thumbnail
නලින්ද - සජිත්ට දුන්න සැර හින්ට් එක - සජිත් ප්‍රේමදාස නින්දෙන් ඇහැරුණා වගේ
02:42
Video thumbnail
නාය ගිය තැන බලන්න ආණ්ඩුවේ ප්‍රබලයෙක් දුවගෙන එයි
04:19
Video thumbnail
විනිසුරු විශ්‍රාම වයස ගැන මහා නාහිමියන් ආණ්ඩුවට කිව්ව දේ මෙන්න - "විරුද්ධ නෑ - සතුටු වුණා"
07:09
Video thumbnail
මහින්දගේ ලොකු පුතාටත් නඩු දාන්න කියන්නකෝ - එතකොට ඉවරයිනේ
00:45
Video thumbnail
පරිසරවේදින් හා සභාවේ සේවකයෙකු අතර උණුසුම් තත්ත්වයක් - "ගඟ බලන එකා මගේ අම්මට ###"
04:43