spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

බෙහෙත් මිලට වෙන්න යන දේ

ඖෂධ ව්‍යාපාරිකයන්ට අවශ්‍ය ලෙස ඖෂධ මිළ වැඩි කිරීමට හැකියාවක් නොමැති බව ඖෂධ නිෂ්පාදනය සැපයීම හා නියාමන රාජ්‍ය අමාත්‍යාංශය අවධාරණය කරනවා.

අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ ශ්‍රී ලංකාව තුල ඖෂධ මිල පාලනය කරන්නේ ජාතික ඖෂධ නියාමන අධිකාරියේ මිල පාලන කමිටුව විසින් බවයි.

එය විද්වතුන් 13 දෙනෙකුගෙන් සමන්විත බවත් විශේෂඥ වෛද්‍ය පාලිත අබේකෝන් මහතා එහි සභාපතිත්වය දරන බවත් අදාල නිවේදනයේ සදහන්.

ඩොලරයට සාපේක්ෂව රුපියලේ සිදුවූ වෙනසට අනුපාතිකව ඖෂධ මිළ වැඩි කිරීමට සිදුවන නමුත් ඖෂධ ව්‍යාපාරිකයන්ට අවශ්‍ය පරිදි මිළ වෙනස් කළ නොහැකි බව ඖෂධ නිෂ්පාදන රාජ්‍ය අමාත්‍යාංශයේ ස්ථාවරයයි.

ශ්‍රී ලංකාව තුල ඖෂධ මිළ නියාමනය ඖෂධ ආනයනකරුවන් හා ඔසුසැල් හිමියන්ට සිදු කළ හැකියි යන අරුත සහිත පුවතක් අද පුවත්පත්වල පළවි තිබු බවත් එය සාවද්‍ය බවත් අමාත්‍යාංශය වැඩිදුරටත් පෙන්වා දෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?