ඔමික්‍රෝන් සැර බාල වෙද්දි අලුතෙන් කරළියට තව ප්‍රබේධයක්

කොරෝනා වෛරසයෙන් ඇතිවී ඇති බලපෑම ලොව පුරා අඩුවෙමින් ඇති පසුබිමක තරමක් බිය හිතෙන කරුණක් ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කළේය.

එහි දැක්වෙන්නේ මෙතෙක් හඳුනාගත් බියකරුම කොරෝනා වෛරස ප්‍රභේද දෙකෙහි ජාන මුසුවී නව කොරෝනා දෙමුහුම් ප්‍රභේදයක් ඇතිවී ඇති බවය.

පර්යේෂකයින් එය හඳුන්වා දී ඇත්තේ “ඩෙල්ටාක්‍රෝන්” යනුවෙනි.

මෙතෙක් එහි ආසාදිතයින් 17 දෙනෙක් හඳුනාගෙන තිබේ.

එම ආසාදිතයින් අමෙරිකා එක්සත් ජනපදයෙන් සහ යුරෝපයෙන් හඳුනාගෙන තිබුණි.