හෙට (09) දින විදුලි කප්පාදුව සිදුකිරීමට අදාළව විදුලිබල මණ්ඩලය විසින් ඉදිරිපත් කර ඇති කාලසටහනට ශ්රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාව විසින් අවසර ලබාදී තිබේ.
ඒ අනුව A, B, C, D, E, F, G, H, I, J කලාප වෙත පෙරවරු 8ත් පස්වරු 6ත් දක්වා පැය 2ක් සහ මිනිත්තු 30 කාලයක් විදුලිය විසන්ධි කෙරෙනු ඇත.
එම කලාපවල සවස් කාලයේදී පැයයි මිනිත්තු 15ක් විදුලිය විසන්ධි කෙරෙන අතර ඒ පස්වරු 6ත් 11ත් අතරය.
ඊට අමතරව P, Q, R, S, T, U, V, W කලාපවල පෙරවරු 9ත් සවස 5ත් අතර පැය 2ක කාලයක් විදුලිය විසන්ධි කෙරෙන අතර සවස 5ක් 9ත් අතර පැයක කාලයක් විදුලිය විසන්ධි කිරීමට නියමිතය.













