තමන් ඇතුළු පිරිස පුරෝගාමීව කටයුතු කරමින් ගොඩනැගු වත්මන් ආණ්ඩුවේ ජන වරම එම ජනවරමේ මූලික අභිලාෂයන්ට පටහැනිව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා විසින් මෙහෙයවීමට කටයුතු කරමින් සිටින බව ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා සඳහන් කරයි.
මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ විසින් කරන මෙම කටයුත්තට එරෙහිව ජනවරම නිර්මාණය කළ තම කණ්ඩායමට ම ඊට එරෙහිවද කටයුතු කරන්නට සිදුවන බවද ඔහු පැවසීය.
‘අද මෙරට පාලනය කරන්නේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා හෝ මහින්ද රාජපක්ෂ අගමැති තුමන් නොවෙයි.
අද ජනවරම පික් පොකට් ගහලා ජනවරමට පස්ස පැත්ත හරවල මේ රට පාලනය කරන්නේ බැසිල් රාජපක්ෂ කියන මුදල් අමාත්‍යවරයා.
ඇමරිකානුවෙකුට ඕනේ විදිහට මේ රට නටවන්න ඉඩ දෙන්න අපි සූදානම් නෑ.
එනිසා මෙම අවලස්සන ඇමරිකානුවාගේ ග්‍රහණයෙන් මෙරට රාජ්‍ය බලය අපි එලියට ගත යුතුයි’ යැයි ද හෙතෙම පැවසුවේ අනුරාධපුරයේදී පැවති ආගමික කටයුත්තකට සහභාගී වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් පළ කරමිනි.




