රට පාලනය කරන්නේ ජනාධිපති නොවෙයි

තමන් ඇතුළු පිරිස පුරෝගාමීව කටයුතු කරමින් ගොඩනැගු වත්මන් ආණ්ඩුවේ ජන වරම එම ජනවරමේ මූලික අභිලාෂයන්ට පටහැනිව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා විසින් මෙහෙයවීමට කටයුතු කරමින් සිටින බව ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා සඳහන් කරයි.

මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ විසින් කරන මෙම කටයුත්තට එරෙහිව ජනවරම නිර්මාණය කළ තම කණ්ඩායමට ම ඊට එරෙහිවද කටයුතු කරන්නට සිදුවන බවද ඔහු පැවසීය.

‘අද මෙරට පාලනය කරන්නේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා හෝ මහින්ද රාජපක්ෂ අගමැති තුමන් නොවෙයි.

අද ජනවරම පික් පොකට් ගහලා ජනවරමට පස්ස පැත්ත හරවල මේ රට පාලනය කරන්නේ බැසිල් රාජපක්ෂ කියන මුදල් අමාත්‍යවරයා.

ඇමරිකානුවෙකුට ඕනේ විදිහට මේ රට නටවන්න ඉඩ දෙන්න අපි සූදානම් නෑ.

එනිසා මෙම අවලස්සන ඇමරිකානුවාගේ ග්‍රහණයෙන් මෙරට රාජ්‍ය බලය අපි එලියට ගත යුතුයි’ යැයි ද හෙතෙම පැවසුවේ අනුරාධපුරයේදී පැවති ආගමික කටයුත්තකට සහභාගී වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් පළ කරමිනි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපිට පාන් කියා ගන්න බැරුව ඉන්නේ - හිතපු සුරංගනා ලෝකය ලැබුණේ නෑ..පාන් මිල වැඩිවීම ගැන ජනතාවගෙන් චෝදනා
04:13
Video thumbnail
තම ධෛර්යයෙන් නැඟී සිටි කවිඳු දෙමළ කථික තරගයෙන් සමස්ත ලංකාවෙන්ම දෙවන ස්ථානය
08:25
Video thumbnail
රාජ්‍ය විශ්ව විද්‍යාල පද්ධතිය දවසින් දවස කඩා වැටෙනවා - ආණ්ඩුව වමට සිග්නල් දාලා දකුණට හරවන්නේ
04:34
Video thumbnail
ගමකට කඩා වැදුණු වන අලි - මුළු ගමම බියවෙයි.."අනේ යන්න අප්පච්චි..යන්න..යන්න"
01:06
Video thumbnail
වාහන හතරක් එකට වැදී අනතුරක් - "බයික් එක වැදුණ ගමන් ත්‍රීවිල් එකත් පෙරලුණා"
02:16
Video thumbnail
"පාන් මිල වැඩි කරන්න කියලා අපිට ලොකු පෙෂර් එකක් ආවා"පාන් ඇතුළු බේකරි නිෂ්පාදනවල මිල ඉහළ දමයි
03:18
Video thumbnail
විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ එක්දින වැඩ වර්ජනය - මෙන්න විශ්ව විද්‍යාල අසළ දර්ශන
02:06
Video thumbnail
විපක්ෂය බිල්ලෝ මවලා සමාජයට වැරදි අදහස් යවනවා - නැවතත් පා ගමනක් යන්න හදන්නේ ?
05:15
Video thumbnail
අදත් දිවයිනේ ඇතැම් ස්ථානවලට ගිගුරුම් සහිත වැසි - කාලගුණයේ නවතම තතු මෙන්න
01:29
Video thumbnail
ලක්ෂ 14කගේ අස්වැසුම කැපූ කතාව සම්පූර්ණයෙන්ම බොරු - මේ පට්ටපල් බොරු සමාජගත කරලා
03:36