අමාත්‍යධුරවලින් ඉවත් කරනු ලැබූ විමල් වීරවංශ , උදය ගම්මන්පිල යන මන්ත්‍රීවරුන් ඇතුළු ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ 10ක් නියෝජනය කරනු ලබන මන්ත්‍රීවරුන් 16 දෙනකු පාර්ලිමේන්තුවේ ස්වාධීනව සිටීමට තීරණය කර ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරනවා.
එම පක්ෂ දහයේ නායකයන් විමල් වීරවංශ මන්ත්‍රීවරයාගේ නිල නිවසේ පෙරේදා පැවැති සාකච්ඡාවකදී මෙම තීරණය ගෙන ඇති බවයි වාර්තා වන්නේ.
ඒ අනුව ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ ලෙස කටයුතු කරන විමල් වීරවංශ මන්ත්‍රීවරයාගේ පක්ෂයේ මන්ත්‍රීවරුන් 06 දෙනකු ද, උදය ගම්මන්පිල මන්ත්‍රිවරයා, අමාත්‍ය වාසුදේව නානායක්කාර සහ ඔහුගේ පක්ෂයේ මන්ත්‍රීවරුන් දෙදෙනකු ද, අතුරලියේ රතන හිමියන් ද, ටිරාන් අලස්, ගෙවිඳු කුමාරතුංග ,ඒ එල් එම් අතාවුල්ලා ඇතුළු මන්ත්‍රීවරුන් 16 දෙනකු පාර්ලිමේන්තුවේ ස්වාධීන මන්ත්‍රීවරුන් ලෙස කටයුතු කරනු ඇත
මේ අතර ආණ්ඩුවේ ක්‍රියාකලාපයට එරෙහිව ආරම්භ කර ඇති දේශපාලන ක්‍රියාමාර්ග දිගටම ගෙන යාමටත්, විමල් වීරවංශ, උදය ගම්මන්පිල යන මන්ත්‍රීවරුන් ඇමතිධුරවලින් ඉවත් කිරීමට විරෝධය පළ කරමින් හවුල්කාර පක්ෂ 11 නායකයන්ගේ අත්සනින් ඒකාබද්ධ ප්‍රකාශයක් නිකුත් කිරීමටත් එම රැස්වීමේදී තීරණය කර ඇත.
ඊට අමතරව “රට හරි මගට” නමින් ඉකුත් දා නිකුත් කළ කරුණු දහයකින් යුත් යෝජනාවලිය මහා සංඝරත්නය ප්‍රමුඛ ආගමික නායකයන්ට පිළිගැන්වීමට සහ ජනතාව අතර බෙදා දීමට ද එහිදි තීරණය කර ඇත.
ඉදිරි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් ලබන සතියේ දී පක්ෂ නායකයන් රැස්වී සාකච්ඡා කිරීමට ද එම සාකච්ඡාවේදී තීරණය වී ඇත .