පාර්ලිමේන්තුවේ 16 කල්ලියක්

අමාත්‍යධුරවලින් ඉවත් කරනු ලැබූ විමල් වීරවංශ , උදය ගම්මන්පිල යන මන්ත්‍රීවරුන් ඇතුළු ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ 10ක් නියෝජනය කරනු ලබන මන්ත්‍රීවරුන් 16 දෙනකු පාර්ලිමේන්තුවේ ස්වාධීනව සිටීමට තීරණය කර ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරනවා.

එම පක්ෂ දහයේ නායකයන් විමල් වීරවංශ මන්ත්‍රීවරයාගේ නිල නිවසේ පෙරේදා පැවැති සාකච්ඡාවකදී මෙම තීරණය ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

ඒ අනුව ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ ලෙස කටයුතු කරන විමල් වීරවංශ මන්ත්‍රීවරයාගේ පක්ෂයේ මන්ත්‍රීවරුන් 06 දෙනකු ද, උදය ගම්මන්පිල මන්ත්‍රිවරයා, අමාත්‍ය වාසුදේව නානායක්කාර සහ ඔහුගේ පක්ෂයේ මන්ත්‍රීවරුන් දෙදෙනකු ද, අතුරලියේ රතන හිමියන් ද, ටිරාන් අලස්, ගෙවිඳු කුමාරතුංග ,ඒ එල් එම් අතාවුල්ලා ඇතුළු මන්ත්‍රීවරුන් 16 දෙනකු පාර්ලිමේන්තුවේ ස්වාධීන මන්ත්‍රීවරුන් ලෙස කටයුතු කරනු ඇත

මේ අතර ආණ්ඩුවේ ක්‍රියාකලාපයට එරෙහිව ආරම්භ කර ඇති දේශපාලන ක්‍රියාමාර්ග දිගටම ගෙන යාමටත්, විමල් වීරවංශ, උදය ගම්මන්පිල යන මන්ත්‍රීවරුන් ඇමතිධුරවලින් ඉවත් කිරීමට විරෝධය පළ කරමින් හවුල්කාර පක්ෂ 11 නායකයන්ගේ අත්සනින් ඒකාබද්ධ ප්‍රකාශයක් නිකුත් කිරීමටත් එම රැස්වීමේදී තීරණය කර ඇත.

ඊට අමතරව “රට හරි මගට” නමින් ඉකුත් දා නිකුත් කළ කරුණු දහයකින් යුත් යෝජනාවලිය මහා සංඝරත්නය ප්‍රමුඛ ආගමික නායකයන්ට පිළිගැන්වීමට සහ ජනතාව අතර බෙදා දීමට ද එහිදි තීරණය කර ඇත.

ඉදිරි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් ලබන සතියේ දී පක්ෂ නායකයන් රැස්වී සාකච්ඡා කිරීමට ද එම සාකච්ඡාවේදී තීරණය වී ඇත .

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
5
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ආණ්ඩුව ගෙදර යන්න ලෑස්ති වෙන්න
01:25
Video thumbnail
ලොකු මිනිස්සුන්ටත් හිතන්න දෙයක් කියලා දුන්න පුංචි දරුවෝ ටික - යාළුකමට දෙන්න පුළුවන් හොඳම උදාහරණය
03:54
Video thumbnail
මොණරාගලට ඇදහැළුණු අයිස් වැස්ස
01:21
Video thumbnail
පොළොන්නරුවේ ගොවියෝත් පාරට බැහැලා ආණ්ඩුවට රතු එළි දල්වයි
01:18
Video thumbnail
තෙල්දෙණිය තරුණියගේ සිද්ධියේ බොරු පිට බොරු කියූ පෙම්වතා අවසානයේදී කොටුවෙයි - රට පනින්නත් ගිහින්
02:24
Video thumbnail
අන්න මාලිගා හැදෙනවා, බඩ ඉස්සරහට දාගන්නවා - ලස්සන හදාගෙන තියෙනවා
08:32
Video thumbnail
චිත්‍රාල් ආණ්ඩුව සැරටම අමතයි
09:02
Video thumbnail
තවත් කෙනෙකුගේ දියුණුව දරාගන්න බැරි තැනට වැටුණු මිනිස්සු - හිත් මෙච්චර පිරිහිලාද ?
03:05
Video thumbnail
ඡන්දය කාලේ ගොවියා දෙවියා දැන් කසිප්පුකාරයා..සජිත් නැගිටලා ආණ්ඩුවට ප්‍රශ්න වැලක් කියයි
19:13
Video thumbnail
රෝහිණි කවිරත්න අධිකරණයට බරපතළ අපහාසක් කළා
07:57