අද (05) සිට විදුලි කප්පාදුව අවම කරන බවට රජය විසින් ප්‍රතිඥා දී ඇති බැවින්, ඉන්ධන තොග පවතින ප්‍රමාණය අනුව විදුලිය විසන්ධි වීමක් සිදු නොවිය හැකි බව මහජන උපයෝගිතා කොමිසන් සභාව පවසනවා.
එහි සභාපති ජනක රත්නායක ප්‍රකාශ කළේ, දැනට පවතින තත්ත්වය අනුව විදුලි කප්පාදුව යම් තරමකින් හෝ අවම මට්ටමකට පත්විය යුතු බවයි.
මේ අතර, සුපුරුදු පරිදි අද (05) දිනයේ දී ත් විදුලි කප්පාදුවකට අවතීර්ණ වීමට සිදුවන බව ඊයේ (04) පස්වරුවේ මහජන උපයෝගිතා කොමිසම නිවේදනය කළා.
ඒ අනුව මෙම සති අන්තයේ විදුලි කප්පාදුව සිදුවන ආකාරය මෙම කොමිසම විසින් ප්‍රකාශයට පත් කෙරුණා.
ඒ අනුව අද දිනයේදී P,Q,R,S,T,U,V,W යන කලාපවලට පැය 4ක කාලයක් විදුලි කප්පාදුව සිදු වනු ඇති බවටයි ඊයේ නිවේදනය කළේ.
ඒ උදෑසන 8.30සිට පස්වරු 5.30 අතර කාලය තුළ පැය 3ක කාලයක් සහ සවස 6 සිට රාත්‍රී 10 දක්වා වන කාලය තුළ පැයක් වශයෙන්.
එමෙන්ම E,F යන කලාපවලට පැය 7ක කාලයක් විදුලි කප්පාදුව සිදු කෙරෙනවා.
ඒ පෙරවරු 8.30 සිට පස්වරු 4.30 දක්වා පැය 4ක් වශයෙන් සහ සවස 4.30 සිට රාත්‍රී 10.30 දක්වා පැය 3ක කාලයක් වශයෙන්.
හෙට (06) දිනයේ පැය 2.30ක කාලයක් උදෑසන 9 සිට සවස 4.30 දක්වා කාලය අතර විදුලි කප්පාදුවක් සිදුවන්නේ A,B,C යන කලාප තුනට පමණයි.














රටේ හැමතැනටම එක විදියට සලකපියව් සමහර පැති වලට කරන්ට් කපන්නෙම නෑනෙ. ආයෝජන කලාප හරි ගාමන්ට හරි මොනව හරි තියෙනවානම් ඒකට විතරක් කරන්ට් එක දීල අනිත් තැන් වලට කරන්ට් එක කපන්න පුලුවන්නෙ. යකෝ අපිට පැය 7ක් විදුලිය කපනවනෙ ඇයි අපි කලුද? අපිට පැය 7ක් කපනවනම් මිරිහානටත් පැය 7ක් කපන්න ඕනෙ. රටට කෙලවපු උන්ට විතරක් ලයිට් කපන්නෙ නෑ අහින්සක අපිට විතරක් කරන්ට් එක කපනව
මිරිහානට කැපුවොත් විතරයි කරන්ට් කපන එකේ තියෙන දුක මහ උන්ටත් දැනෙන්නෙ එහෙම උනොත් විතරයි ඒකට සහනයක් මිනිස්සුන්ට හම්බෙන්නෙ. ඔය මිරිහානෙ ඉන්න උන් හිතන් ඇත්තෙ රටට ලයිට් කපන්නෙ නෑ කියල වෙන්න ඕනෙ.