කාලගුණයෙන් අනතුරු ඇඟවීමක්

නිරිත දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින පීඩන අවපාතය පිළිබඳව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් රතු නිවේදනයක් නිකුත් කර තිබේ.

ඒ ශ්‍රී ලංකාවට උතුරු සහ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වන නොගැඹුරු සහ ගැඹුරු මුහුදු ප්‍රදේශ සඳහාය.

නිරිත දිග බෙංගාල බොක්ක සහ ඊට යාබඳ ගිනිකොණ දිග බෙංගාල බොක්ක ආශ්‍රිතව පැවති අඩුපීඩන කලාපය පීඩන අවපාතයක් දක්වා වර්ධනය වෙමින් පවතී. 

එම පීඩන අවපාතය ඉදිරි පැය 24ක කාලය තුළ තවදුරටත් ගැඹුරු පීඩන අවපාතයක් දක්වා වර්ධනය වියහැකි බව එම දෙපාර්තමේන්තුව පවසයි.

ඒ අනුව එය ශ්‍රී ලංකාවට නැගෙනහිර වෙරළ ආසන්නයෙන් ඉදිරි පැය 48ක කාලය තුළ ඉන්දියාවේ උතුරු තමිල්නාඩු වෙරළ දෙසට ගමන් කරනු ඇතැයි ද අපේක්ෂා කෙරේ.

මෙම පද්ධතියේ බලපෑම හේතුවෙන් ඉදිරි පැය 48 තුළදී දිවයිනේ උතුරු, ඊසාන, නැගෙනහිර සහ ගිනිකොණ දෙසින් වන ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්‍රදේශවල නිරන්තර වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වියහැකි බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි.

සුළඟේ වේගය පැයට කිලෝමීටර් 60ත් 70ත් දක්වා ඉහළ යා හැකිය.

මේ හේතුවෙන් නැවත දැනුම්දෙන තුරු මන්නාරම සිට කන්කසන්තුරය, ත්‍රිකුණාමලය සහ මඩකලපුව හරහා හම්බන්තොට දක්වා වෙරළට ඔබ්බෙන් වන ගැඹුරු සහ නොගැඹුරු මුහුද ප්‍රදේශවල ධීවර සහ නාවික කටයුතුවල නොයෙදෙන ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අවවාද කරයි.

දැනට එම මුහුදු ප්‍රදේශවල ධීවර කටයුතුවල යෙදී සිටින පිරිස වහාම ගොඩබිමට හෝ ආරක්ෂිත ස්ථානයක් වෙත පැමිණිය යුතු බවද දන්වයි.

මේ සම්බන්ධයෙන් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව  ඉදිරියටත් නිකුත් කරන නිවේදන ගැන අවධානයෙන් පසුවන ලෙසද දැනුම් දෙයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
NPP එකෙන් මේ සැරේ දැවැන්ත මැයි රැලි 21ක් කරනවා..මැයි රැලි ඉතිහාසයේ වාර්තාවක් වෙයි
03:49
Video thumbnail
ඇග පුරා වියළි ගංජා බැදගෙන ගිය ජාවරම්කරුවෙකු අතේ මාට්ටු
01:07
Video thumbnail
ඇග පුරා වියළි ගංජා බැදගෙන ගිය ජාවරම්කරුවෙකු අතේ මාට්ටු.."හැම තැනම ගංජනේ බන්"
01:44
Video thumbnail
බස් රථයක් නිවසක් කඩාගෙන ගිහින් නැවතෙයි"ඔන්න එනවෝ බුදු අම්මෝ කියාගෙන දිව්වේ"
02:48
Video thumbnail
මුන් ආව දවසේ ඉදන් හොරකම් කරනවා ඇඟට පතට නොදැනී..හිල් වෙච්ච Underwear ඇදෙගන මාළිගා ගහනවා
06:31
Video thumbnail
ආහාර සොයා වැලිආර ප්‍රදේශයේ සැරිසරණ කුඩා අලි පැටවු රංචුව
00:30
Video thumbnail
විපක්ෂයේ තියෙන උද්යෝගය ආණ්ඩුවේ කිසි කෙනෙකුට නෑ..ජනපතිට එක අතකින් අත්පුඩි ගහන්න බෑනේ
03:57
Video thumbnail
හර්ෂව අපි අගය කරනවා..ඇත්තටම හොඳ වැඩක් - හුස්ම ගන්න සපෝට් කළොත් තමයි රට ගොඩගන්න පුළුවන්
04:36
Video thumbnail
සාම පා ගමන නිම කළ භික්ෂුන් වහන්සේලා සහ ආලෝකා දිවයිනෙන් පිටත්ව ගිය අයුරු
00:52
Video thumbnail
සාම පා ගමන නිම කළ භික්ෂුන් වහන්සේලා සහ ආලෝකා දිවයිනෙන් පිටත්ව ගිය අයුරු
01:28