පාසල් සිසුවෙක් ජීවන ගමන අවසන් කල සිදුවීම

මොරගහහේන, හෝමාගම මාර්ගයේ යකහළුව ප්‍රදේශයේ දී සිදුවූ රිය අනතුරකින් 17 හැවිරිදි පාසල් සිසුවෙක් මියගොස් තිබේ.

මෝටර් රථ දෙකක් මුහුණට මුහුණ ගැටී අද (24) අලුයම එම අනතුර සිදුව ඇති බව අප වාර්තාකරු පැවසීය.

අදාළ රිය අනතුරින් තවත් තිදෙනෙකු රෝහල් ගත කර ඇති අතර ඉන් එක් පුද්ගලයෙකුගේ තත්ත්වය බරපතළ බව පොලීසිය පවසයි. 

මියගොස් ඇති පාසල් සිසුවා හොරණ, මිල්ලෑව ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

මියගිය සිසුවා තවත් තරුණයන් තිදෙනකු සමග කහතුඩුව ජයවර්ධන වත්ත ප්‍රදේශයේ මිතුරකුගේ නිවසේ පැවැති සාදයකට ගොස් මිල්ලෑව ප්‍රදේශයේ පිහිටි නිවස බලා යළි පැමිණෙමින් සිටියදී එම අනතුර සිදුව ඇත.

මොරගහහෙන යකහළුව වංගුවේදී මෝටර් රථය මාර්ගයේ ප්‍රතිවිරුද්ධ දිසාවට ගොස් මොරගහහේන සිට හෝමාගම දෙසට ගමන් කරමින් තිබූ මෝටර් රථයක මුහුණට මුහුණ ගැටී අනතුර සිදුව තිබේ.

අනතුරින් මියගොස් ඇත්තේ මෝටර් රථයේ ඉදිරිපස වම්පස ආසනයේ ගමන් ගත් සිසුවෙකු බවත් ඊට පිටුපස අසුනේ ගමන් ගත් පුද්ගලයා බරපතළ තුවාල ලබා ඇති බවත් පොලීසිය පවසයි.

අනතුර සිදුවු අවස්ථාවේ දීම තරුණයන් ගමන්ගත් මෝටර් රථයේ ඉදිරිපස සිරවී සිටි මියගිය සිසුවාව දැඩි පරිශ්‍රමයක් දරා පිටතට ගත්තද ඔහු ඒ වන විටත් මිය ගොස් තිබූ බව වාර්තා වෙයි.

අනෙක් මෝටර් රථය අනතුරට ලක්වීමත් සමග ම විසි වී ගොස් අසල තාප්පයක ගැටී නතර වී තිබුණි.

සිද්ධිය සම්බන්ධයෙන් මොරගහහේන පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
SLCMP එකේ කියලා ඔයාට ID චෙක් කරන්න බෑ..හෑන්ඩ් කප් පෙන්නලා මට ID දෙන්නලු..මාර ටෝක්නේ කරන්නේ
04:52
Video thumbnail
පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු
01:08
Video thumbnail
ජනපතිගේ රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක්
01:13
Video thumbnail
ජනපතිගේ ගොවි රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක් - "මෙතනට කවුරුත් ගොවියෝ යන්නේ නෑ"
01:50
Video thumbnail
එක්නැළිගොඩගේ බිරිඳ නඩුව ගැන හෙළිකළ දේ - අවු:16කට පස්සේ හරි රාජ්‍යයේ වගකීම ඉටු කරයි
02:23
Video thumbnail
ගුරු කාර්යක්ෂමතා කඩයිම් විභාගය සඳහා සහන ලබා දීම ගැන හෙළිදරව්වක් - උසස්වීම් ගැන ගැටලුව විසඳෙනවා
03:00
Video thumbnail
හෙට පැවැත්වෙන පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු - තිස්සකුට්ටි, රෝහිත ඇතුළු ප්‍රබලයින් ඇවිත්
01:53
Video thumbnail
ගිරිතලේ ස්වභාවික රක්ෂිතයේ අනවසර කැණීමක් කොටු කළ හැටි - බඩුත් එක්ක තිදෙනෙකු කුදලන් එයි
03:51
Video thumbnail
මහින්දගේ ජයග්‍රාහී රැළිවල ආරම්භය වුණේ අනුරාධපුරය පුණ්‍ය භූමිය - අත් ට්‍රැක්ටර්වලිනුත් එනවා කට්ටිය
04:30
Video thumbnail
ආණ්ඩුවකට විරුද්ධව විපක්ෂයක් සංවිධානය කළ විශාලම දේශපාලන රැළිය හෙට - දැවැන්ත චරිත එනවා
03:39