ලංවිමට ණය තැබූ ඇමැති බිල ගෙවන්න පොරොන්දු වෙයි

කිරුළපන, සරණංකර පාරේ රජයට අයත් නිවසක රැඳී සිටින රජයේ ප‍්‍රබල ඇමැතිවරයා ලංවිමට නොගෙවා පැහැර හැර තිබූ රුපියල් එක්කෝටි විසිලක්‍ෂයක විදුලි බිල හා අනෙකුත් දඩ මුදල් ගෙවා දමන බවට මණ්ඩලයට ඊයේ (23 වැනිදා) පෙරොන්දු වී තිබේ.

ගෙවිය යුතු මුළු මුදල වහාම දැනුම් දෙන ලෙස ද ඇමැතිවරයා ඉල්ලා ඇත.

ඒ අනුව අද (24 වැනිදා) දිනයේ එම බිල්පත් ඇමැතිවරයාට යොමු කිරීමට නියමිත බව ලංවිම සඳහන් කළේය. මෙම හිඟ මුදල පෞද්ගලික මුදලින් ගෙවන්නේද අමාත්‍යාංශ මුදලින් ගෙවන්නේද යන්න පැහැදිලි නැතැයි ලංවිම නිලධාරියෙක් සඳහන් කළේය.

යුද හමුදා ප‍්‍රබල හමුදා නිලධාරියකුගේ නමට තිබෙන මෙම නිවසේ හිඟ විදුලි බිල්පත රුපියල් එක්කෝටි විසිලක්‍ෂයක මුදල නොගෙවා පැහැර හැර ඇතැයි මාධ්‍ය මගින් හෙළි කළ පසු ඇමැතිවරයා ලංවිමට කතා කර මේ විමසීම කිරීම විශේෂත්වයක් යැයි ද හෙතෙම කීය.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
SLCMP එකේ කියලා ඔයාට ID චෙක් කරන්න බෑ..හෑන්ඩ් කප් පෙන්නලා මට ID දෙන්නලු..මාර ටෝක්නේ කරන්නේ
04:52
Video thumbnail
පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු
01:08
Video thumbnail
ජනපතිගේ රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක්
01:13
Video thumbnail
ජනපතිගේ ගොවි රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක් - "මෙතනට කවුරුත් ගොවියෝ යන්නේ නෑ"
01:50
Video thumbnail
එක්නැළිගොඩගේ බිරිඳ නඩුව ගැන හෙළිකළ දේ - අවු:16කට පස්සේ හරි රාජ්‍යයේ වගකීම ඉටු කරයි
02:23
Video thumbnail
ගුරු කාර්යක්ෂමතා කඩයිම් විභාගය සඳහා සහන ලබා දීම ගැන හෙළිදරව්වක් - උසස්වීම් ගැන ගැටලුව විසඳෙනවා
03:00
Video thumbnail
හෙට පැවැත්වෙන පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු - තිස්සකුට්ටි, රෝහිත ඇතුළු ප්‍රබලයින් ඇවිත්
01:53
Video thumbnail
ගිරිතලේ ස්වභාවික රක්ෂිතයේ අනවසර කැණීමක් කොටු කළ හැටි - බඩුත් එක්ක තිදෙනෙකු කුදලන් එයි
03:51
Video thumbnail
මහින්දගේ ජයග්‍රාහී රැළිවල ආරම්භය වුණේ අනුරාධපුරය පුණ්‍ය භූමිය - අත් ට්‍රැක්ටර්වලිනුත් එනවා කට්ටිය
04:30
Video thumbnail
ආණ්ඩුවකට විරුද්ධව විපක්ෂයක් සංවිධානය කළ විශාලම දේශපාලන රැළිය හෙට - දැවැන්ත චරිත එනවා
03:39