Empty Ad
AFC Banner
Empty Ad

ලංවිමට ණය තැබූ ඇමැති බිල ගෙවන්න පොරොන්දු වෙයි

කිරුළපන, සරණංකර පාරේ රජයට අයත් නිවසක රැඳී සිටින රජයේ ප‍්‍රබල ඇමැතිවරයා ලංවිමට නොගෙවා පැහැර හැර තිබූ රුපියල් එක්කෝටි විසිලක්‍ෂයක විදුලි බිල හා අනෙකුත් දඩ මුදල් ගෙවා දමන බවට මණ්ඩලයට ඊයේ (23 වැනිදා) පෙරොන්දු වී තිබේ.

ගෙවිය යුතු මුළු මුදල වහාම දැනුම් දෙන ලෙස ද ඇමැතිවරයා ඉල්ලා ඇත.

ඒ අනුව අද (24 වැනිදා) දිනයේ එම බිල්පත් ඇමැතිවරයාට යොමු කිරීමට නියමිත බව ලංවිම සඳහන් කළේය. මෙම හිඟ මුදල පෞද්ගලික මුදලින් ගෙවන්නේද අමාත්‍යාංශ මුදලින් ගෙවන්නේද යන්න පැහැදිලි නැතැයි ලංවිම නිලධාරියෙක් සඳහන් කළේය.

යුද හමුදා ප‍්‍රබල හමුදා නිලධාරියකුගේ නමට තිබෙන මෙම නිවසේ හිඟ විදුලි බිල්පත රුපියල් එක්කෝටි විසිලක්‍ෂයක මුදල නොගෙවා පැහැර හැර ඇතැයි මාධ්‍ය මගින් හෙළි කළ පසු ඇමැතිවරයා ලංවිමට කතා කර මේ විමසීම කිරීම විශේෂත්වයක් යැයි ද හෙතෙම කීය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?