සියලු ජනයා අනිවාර්යයෙන්ම කොවිඩ්-19 පරීක්ෂණ සිදුකළ යුතු බව හොංකොං හි පාලනාධිකාරිය ප්‍රකාශ කර තිබෙන බව විදෙස් මාධ්‍ය පවසයි.
හොංකොං හි මිලියන 7.5ක ජනගහනයක් සිටින බැවින් මාර්තු මුල ආරම්භ කෙරෙන මෙම පරීක්ෂණ, වට 3ක් පුරාවට සිදුවනු ඇති බව එහි ප්‍රධාන විධායක නිලධාරිනිය වන කැරී ලැම් පවසා ඇත.
ඒ අනුව දිනකට පරීක්ෂණ මිලියනයක් පමණ සිදුකිරීමට නියමිත බව විදෙස් වාර්තා සඳහන් කර තිබේ.
මෙම අනිවාර්ය පරීක්ෂණ අතරතුරදී දෛනිකව රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ ද සිදුකිරීමට හොංකොං ජනයා හට සිදුවේ.













