සෞඛ්‍ය ඇමැතිනි පවිත්‍රාටත් කොරෝනා

සෞඛ්‍ය ඇමැතිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මියට කොරෝනා ආසාදනය වී ඇති බව දැනගන්නට ඇත.

අද (22) සවස නෙළුම් මාවතේ පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති රැස්වීමක් අවසානයේදී මේ බව අනාවරණය වී ඇති බව දැනගන්නට තිබේ.

මේ දිනවල බැසිල් රාජපක්ෂ මහතා දිස්ත්‍රික් රැස්වීම් පවත්වන අතර ඊයේ දිනයේදී පැවැති කළුතර රැස්වීමට පවිත්‍රා වන්නිආරච්චි මහත්මියත්, රෝහිත අබේගුණවර්ධන මහතාත් සහභාගීව ඇති බව දැනගන්නට ඇත.

පසුව අද පැවැති රැස්වීම අවසානයේදී පවිත්‍රා වන්නි ආරච්චි මහත්මියට කොරෝනා ආසාදනය වී ඇති බවට වූ පුවත වාර්තා වී ඇති අතර එහිදී කලබලයට පත් බැසිල් රාජපක්ෂ මහතා රැස්වීම අතරමග නවතා ඇති බවද දැනගන්නට තිබේ.

ඇතැම් මාධ්‍ය විසින් විශාල ප්‍රචාරයක් ලබා දුන් ධම්මික කපු මහතාගේ පැණිය පළමුවෙන්ම ප්‍රසිද්ධියේ භාවිත කරනු ලැබුවේද ස‌ෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මියය.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.08.04
01:12:25
Video thumbnail
අවු:16ට වැඩි හැමෝගෙම පෞද්ගලික තොරතුරු ඉන්දියාවට ගන්න පුළුවන් - ප්‍රබල හෙළිදරව්වක්
06:32
Video thumbnail
ජනපති ප්‍රධානත්වයෙන් අධිකරණ අමාත්‍යාංශයට අදාළව 2027 පූර්ව අයවැය සාකච්ඡාව
01:22
Video thumbnail
බුදු අම්මෝ රනිල්ට හීරේට යනකොට තිබ්බ ලෙඩගොඩ - මෙතෙක් හිරගෙවල්වට ගියේ පුංචි මිනිස්සු
05:26
Video thumbnail
ආණ්ඩුව යටින් ලොකු ගේමක් ග#න්න හදන්නේ - අපි මේකට කැමති නෑ
03:05
Video thumbnail
දැන් ගොවියෝ තියෙන මිල ඇති කියනවා..ගොවියොත් එක මතේක නෑනේ
07:41
Video thumbnail
කාසල්රි සහ මාවුස්සාකැලේ ජලාශවල ජල මට්ටම පිටාර මට්ටමට
01:23
Video thumbnail
ගමේ ඉපදිච්ච එවුන්ට ගඟට එන්න අවසර නෑ
01:23
Video thumbnail
පොලිසියට අල්ලස් දෙන්න ගිය තරුණයාට වැඩ වැරදුණු හැටි
00:49
Video thumbnail
උත්තරීතර පාර්ලිමේන්තු ආසනයේ ඉදගෙන නි ඇමති දැම්ම සෙල්ලම
00:33