ඉතාලියේ මිලාන් හි ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් කාර්යාලය මගින් සපයන කොන්සියුලර් සේවාවන් සඳහා වේලාව වෙන් කරගැනීමට මුදල් අයකරන පුද්ගලයන් සම්බන්ධයෙන් තොරතුරු ලබාදෙන ලෙස එම කාර්යාලය ජනතාවගෙන් විශේෂ ඉල්ලීමක් කර තිබෙනවා.
එම කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ, අදාළ කොන්සියුලර් සේවාවන් සඳහා වේලාව වෙන් කරගැනීම නොමිලේ සිදු කරන්නක් බවයි.
කිසියම් පුද්ගලයෙකු හෝ ආයතනයක් කොන්සියුලර් සේවාවන් සඳහා වේලාව වෙන් කර ගැනීමට මුදල් අය කිරීමට හෝ වෙනත් වරප්‍රසාදයක් ලබාගැනීමට උත්සාහ කළහොත් ඒ පිළිබඳව [email protected] ත් ලිපිනයට දැනුම්දෙන ලෙස ඉතාලියේ මිලාන් හි ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් කාර්යාලය ඉල්ලා සිටිනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1
2













