Oxford-AstraZeneca කොවිඩ් එන්නත මෙරට හදිසි භාවිතය සඳහා ජාතික ඖෂධ නියාමන අධිකාරිය අනුමැතිය හිමිව තිබේ.
ඖෂධ නිෂ්පාදනය, සැපයීම හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා මේ බව සඳහන් කළේ , අද කොළඹ පැවති උත්සවයකදී ය.
අමාත්‍යවරයා එහිදී සඳහන් කර සිටියේ, ඒ අනුව නොබෝ දිනකින් එන්නත මෙරට භාවිතය සඳහා අවස්ථාව ලැබෙනු ඇති බවයි.
එමෙන් ම තවත් එන්නත් කිහිපයක් සඳහා ද අයදුම්පත් යොමු වී ඇති බවත් ඒ සඳහා ද අවශ්‍ය කටයුතු සිදු කරමින් පවතින බව රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ ය.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1