ඊයේ පැවති උත්සවයට එජාපයේ පිරිසක් නොපැමිණීමට හේතුව

එක්සත් ජාතික පක්ෂයේ නව නිලධාරී මණ්ඩලය වැඩ භාර ගැනීමෙන් පසු එහි පළමු කෘත්‍යාධිකාරී මණ්ඩල හමුව ඉදිරි සති දෙක තුළ රැස්වීමට නියමිතයි.

ඒ, ඉදිරි වැඩපිළිවෙල සහ ප්‍රතිපත්ති සැලසුම් සම්පාදනය සඳහායි.

ඊයේ සිරිකොත පක්ෂ මූලස්ථානයේදී එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ, මහලේකම් පාලිත රංගේ බණ්ඩාර, සභාපති වජිර අබේවර්ධන, නියෝජ්‍ය නායක රුවන් විජේවර්ධන, උප නායක අකිල විරාජ් කාරියවසම්, භාණ්ඩාගාරික එම්.එස්.එම්. මිස්බා සිය ධුරවල වැඩ භාරගත්තා.

මෙම අවස්ථාවට එම පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් වන ගාමිණී ජයවික්‍රම පෙරේරා, දයා ගමගේ, සාගල රත්නායක, නවීන් දිසානායක, අර්ජුණ රණතුංග ඇතුළු ජ්‍යෙෂ්ඨයින් පිරිසක් සහභාගි නොවූ බවට ද වාර්තා වුණා.

කෙසේ වෙතත්, පක්ෂයේ ජ්‍යෙෂ්ඨයෙකු හිරු ප්‍රවෘත්ති අංශය සිදුකළ විමසීමකදී සදහන් කළේ ඔවුන් නොපැමිණියේ පවතින සෞඛ්‍ය වාතාවරණය මත බවයි.

එමෙන්ම, පසුගිය මහ මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂයට හිමි වූ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සඳහා නම් කිරීම ඉදිරි කෘත්‍යාධිකාරී මණ්ඩල හමුවේදී සිදුවනු ඇති බව එම පක්ෂයේ නව මහලේකම් පාලිත රංගේ බණ්ඩාර අප කළ විමසීමකදී කියා සිටියා.

මේ අතර, ආණ්ඩු විරෝධී රැල්ලක් ගොඩනැගීමට සැවොම එක් වේදිකාවකට ආ යුතු බවත් ඒ සඳහා එක්සත් ජාතික පක්ෂයට සහ ජනතා විමුක්ති පෙරමුණට ආරාධනා කරන බවත් සමගි ජන බලවේගයේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක ප්‍රකාශ කළා.

මහනුවර – පල්ලෙකැළේ ප්‍රදේශයේදී ඊයේ මාධ්‍ය වෙත අදහස් දක්වමිනුයි ඔහු මේ බව කියා සිටියේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අයවැය කාරකසභා විවාදය සජීවීව - 2025.12.05
10:50:02
Video thumbnail
ජනපති විපක්ෂයට කනේ ඇඟිලි ග#ගන්න දෙසයි.."කරුණාකරලා ගිහින් නඩුවක් දාන්න.."
01:44
Video thumbnail
පාර්ලිමේන්තුවම සංවේදී කරමින් ජනපති කිව්ව කතාව.."කුඩා දරුවන් තමන්ගේ කැටේ ගෙනල්ල දෙනවා"
10:32
Video thumbnail
හලාවත මුළු ටවුන් එකම හිටිහැටියේම සුන්නද්දූලි කළ බිහිසුණු සුළඟ..බෝඩ් ග#ලවන් උඩින් යයි
00:43
Video thumbnail
අජිත් පෙරේරා කුපිත වී මුළු පාර්ලිමේන්තුවම දෙවනත් කරයි..
08:23
Video thumbnail
පාර්ලිමේන්තු කතාව මැද හස්ත සංඥාවක් දීගෙනම ජනපති පාර්ලිමේන්තුවට එයි
00:45
Video thumbnail
සුජීව පාර්ලිමේන්තුවේ වීඩියෝවක් ලීක්කරයි.."ආණ්ඩුවට කිසි අත්දැකීමක් නෑ..විපක්ෂය ගණන් ගන්නෙවත් නෑ"
09:39
Video thumbnail
"වාරිමාර්ග ඇමති බයිලා ග#න්නේ නැතුව ඉල්ලා අස්වෙන්න.."චාමර සභාවේ ලෙසටම ෆයර්වෙයි
09:24
Video thumbnail
මෙන්න හදිසියේම වෙනස්වන කාලගුණයේ උඩු යටිකුරුවෙන වෙනස..
04:02
Video thumbnail
ගම්මන්පිල ජනපතිට නඩු දාන්න සැරසෙයි..නඩු දස ලක්ෂයට මුහුණ දෙනවද? තමන්ට පුළුවන් දේ කරනවද?
11:01


?