වෘත්තීය සමිති නියෝජිතයින් අත්අඩංගුවට ගතයුතුයි – එස්.එම් චන්ද්‍රසේන

අධිකරණ නියෝග නොතකමින් තවදුරත් වෘත්තීය සමිති ක්‍රියාමාර්ගවල නිරත වන පුද්ගලයින් අත්අඩංගුවට ගතයුතු බව අමාත්‍ය එස්. එම්. චන්ද්‍රසේන මහතා පවසයි.

ඒ මහතා වැඩිදුරටත් පවසා සිටියේ, අධිකරණය විසින් ලබාදෙන නියෝගයන් ට ඕනෑම පුරවැසියෙක් අවනත විය යුතු බවය.

වැඩිදුරටත් අදහස් දැක්වු අමාත්‍යවරයා,

“අධිකරණය විසින් සාමාන්‍යයෙන් වාරණ නියෝගයක් දෙන්නේ සාධාරණ හේතුවක් මත. සෞඛ්‍ය අංශවල විවිධ කණ්ඩායම් විසින් ගන්නා වෘත්තීය ක්‍රියාමාර්ග සමාජයට හා ජනජීවිතයට විශාල වශයෙන් හානිකරයි. ඒ නිසා තමයි අධිකරණය වාරණ නියෝගයක් ලබාදීලා තියෙන්නේ. මේ රටේ ඕනෑම ප්‍රශ්නයකට ජනතාවට යන්න තියෙන්නේ සාධාරණ විසඳුමක් ඉල්ලා අධිකරණයට. අධිකරණය විසින් ඒ දෙන තීන්දුව අපේ රටේ ජනාධිපතිවරයාගේ ඉඳන් සිවිල් සමාජයේ හැමකෙනෙකුම ඒ අධිකරණ තීන්දුව භාරගන්න ඕනේ. නමුත් ඒ හිතුවක්කාරී, සමාජ විරෝධීන් සමාජයේ අන්නත අසරණ රෝගීන් බැරියර් එකක් හැටියට තියාගෙන කටයුතුකරන මේ වෘත්තීය සමිති දෙන ලද මේ අධිකරණ නියෝගය පිළිපඳින්නේ නැත්නම් වහාම මේ අය අත්අඩංගුවට අරගෙන අවශ්‍ය අයට දඬුවම් දියයුතුයි.”



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පක්ෂ - විපක්ෂ මන්ත්‍රීලා නැගිටලා පාර්ලිමේන්තුව දෙවනත් කරයි - අපිට එකඟ වෙන්න බෑ
05:50
Video thumbnail
පළාත් සභා ඡන්දය නිසා පාර්ලිමේන්තුව යුද පිටියක් වෙයි..වහාම නතර කරන්න..විපක්ෂය විරුද්ධයි
04:06
Video thumbnail
ඡන්දේ අනිවාර්යෙන්ම තියෙනවා නියමිත විදිහට...
00:09
Video thumbnail
එල්නිනෝවෙන් ලංකාවට සිදුවන බලපෑම ගැන ප්‍රබල හෙළිදරව්වක් - ඉතිහාසයේ වාර්තාවන ප්‍රබලම එල්නිනෝව ?
06:32
Video thumbnail
තොරණ් සහ වෙළෙඳසැල් කුඩු කරගෙන පලා ගිය වෑන් රථය - තොරණ් දෙකක් සහ වෙළෙඳසැල් දෙකක් විනාශයි
01:00
Video thumbnail
"සැලැස්ම පැහැදිලියිනේ දැන්.. ඔන්න පොලිස් බුද්ධි අංශයේ වැඩ"
00:25
Video thumbnail
මිග් යානා සිද්ධියට ප්‍රකාශයක් දෙන්න ගෝඨාභය FCIDයට එයි
01:12
Video thumbnail
5 දෙනෙක් රෝහලට යැවූ බිහිසුණු ලොරි - බස් අනතුර.. අනතුරට මුහුණ දුන් මිනිස්සු කිව්ව දේ
01:51
Video thumbnail
"ඔයා මොකක්ද අනේ හැමදාම මස්තබාල්දුව දානවා"
00:15
Video thumbnail
බිමල් - චාමර පාර්ලිමේන්තුවේ පැටලෙයි - මම දන්නෙත් නෑ හොයන්නෙත් නෑ අදාලත් නෑ
06:51