අධිකරණ නියෝග නොතකමින් තවදුරත් වෘත්තීය සමිති ක්‍රියාමාර්ගවල නිරත වන පුද්ගලයින් අත්අඩංගුවට ගතයුතු බව අමාත්‍ය එස්. එම්. චන්ද්‍රසේන මහතා පවසයි.
ඒ මහතා වැඩිදුරටත් පවසා සිටියේ, අධිකරණය විසින් ලබාදෙන නියෝගයන් ට ඕනෑම පුරවැසියෙක් අවනත විය යුතු බවය.
වැඩිදුරටත් අදහස් දැක්වු අමාත්‍යවරයා,
“අධිකරණය විසින් සාමාන්‍යයෙන් වාරණ නියෝගයක් දෙන්නේ සාධාරණ හේතුවක් මත. සෞඛ්‍ය අංශවල විවිධ කණ්ඩායම් විසින් ගන්නා වෘත්තීය ක්‍රියාමාර්ග සමාජයට හා ජනජීවිතයට විශාල වශයෙන් හානිකරයි. ඒ නිසා තමයි අධිකරණය වාරණ නියෝගයක් ලබාදීලා තියෙන්නේ. මේ රටේ ඕනෑම ප්‍රශ්නයකට ජනතාවට යන්න තියෙන්නේ සාධාරණ විසඳුමක් ඉල්ලා අධිකරණයට. අධිකරණය විසින් ඒ දෙන තීන්දුව අපේ රටේ ජනාධිපතිවරයාගේ ඉඳන් සිවිල් සමාජයේ හැමකෙනෙකුම ඒ අධිකරණ තීන්දුව භාරගන්න ඕනේ. නමුත් ඒ හිතුවක්කාරී, සමාජ විරෝධීන් සමාජයේ අන්නත අසරණ රෝගීන් බැරියර් එකක් හැටියට තියාගෙන කටයුතුකරන මේ වෘත්තීය සමිති දෙන ලද මේ අධිකරණ නියෝගය පිළිපඳින්නේ නැත්නම් වහාම මේ අය අත්අඩංගුවට අරගෙන අවශ්‍ය අයට දඬුවම් දියයුතුයි.”













