බූස්ටර් එන්නත ගැනීමෙන් ලේ කැටි ගැසෙනවා ද? විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රමගේ පැහැදිලි කිරිමක්

බූස්ටර් මාත්‍රාව ලෙස ලබා දෙන ෆයිසර් එන්නත හේතුවෙන් ලේ කැටි ගැසීමක් මේ දක්වා ලොව කිසිදු රටකින් වාර්තා වී නැතැයි කායික රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික‍්‍රම මහතා පවසයි.

ඒ පිළිබඳව සමාජ මාධ්‍ය ඔස්සේ පැතිර යන ප්‍රචාර සම්බන්ධයෙන් කළ විමසීකමදී ඒ මහතා මේ බව පැවසීය.

ඔහු පෙන්වා දුන්නේ, ෆයිසර් එන්නත මේ වන විට ලොව පුරා බිලියන ගණනක පුද්ගලයින් සංඛ්‍යාවකට ලබා දී ඇති බව ත් ලේ කැටි ගැසීම් සිදුවූ බවට වාර්තා වී නොමැති බව ත් ය.

මීට පෙර ලබා දුන් ඇස්ට්‍රාසෙනෙකා එන්නත සම්බන්ධව ලේ කැටි ගැසීම් වාර්තා වූ බව පෙන්වා දුන් විජේවික‍්‍රම මහතා මහතා සඳහන් කළේ, එවැනි සිදුවීම් වාර්තා වූයේ ඉතා කලාතුරකින් බව ය.

ඒ හේතුවෙන් එම එන්නත ලබා දීම අඛණ්ඩව සිදු කළ බව ඔහු පැවසීය.

විජේවික්‍රම මහතා වැඩිදුරට ත් අවධාරණය කළේ, කොවිඩ්-19 රෝගය වැළඳීමෙන් ලේ කැටි ගැසීම් සිදුවිය හැකි බව ය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
8
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.06.10
25:25
Video thumbnail
🔴Breaking News
01:00
Video thumbnail
යෝෂිත රාජපක්ෂ සහ ඩේසි ආච්චි නඩුවට ඇවිත් ගිය හැටි - නඩුව ලබන 16 වෙනිදා තෙක් කල් යයි
02:17
Video thumbnail
සලේ පාස්කුවට සෘජු හා වක්‍රව ආධාර අනුබල දී ඇති බව හෙළිවෙයි - මෙන්න සියල්ල ආනන්ද විජේපාල කියයි
14:53
Video thumbnail
සලේ ගැන ගම්මන්පිලගෙන් සැර කතාවක් - නලින්ද මල්ලෙ පොල් උත්තර දෙන්නේ..මාව අමාරුවේ දාන්න බෑ
06:14
Video thumbnail
යකෝ අපේ දරුවෝ මළේ..එතකොට තොපි එකෙක්වත් කතා කළාද ?
00:37
Video thumbnail
සත්‍යග්‍රහයට මනුස්සයෙක් කඩා පනියි..දැඩි උණුසුම් තත්ත්වයක්
00:43
Video thumbnail
සත්‍යග්‍රහයේ සෙට් එක මහ රෑ බජව් දාදා ගත්ත සුපිරි FUN එක
00:30
Video thumbnail
තවත් පුද්ගලලෙක් සත්‍යග්‍රහයට කඩා පනියි - යකෝ අපේ දරුවෝ මළේ..එතකොට තොපි එකෙක්වත් කතා කළාද ?
01:26
Video thumbnail
පාර්ලිමේන්තුව ඇතුළ යුද පිටියක් වෙයි - ගයන්ත හොඳට සිංහල කියවගන්න ගිහින්..තේරුම්ගන්න බෑ
04:10