බූස්ටර් මාත්‍රාව ලෙස ලබා දෙන ෆයිසර් එන්නත හේතුවෙන් ලේ කැටි ගැසීමක් මේ දක්වා ලොව කිසිදු රටකින් වාර්තා වී නැතැයි කායික රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික‍්‍රම මහතා පවසයි.
ඒ පිළිබඳව සමාජ මාධ්‍ය ඔස්සේ පැතිර යන ප්‍රචාර සම්බන්ධයෙන් කළ විමසීකමදී ඒ මහතා මේ බව පැවසීය.
ඔහු පෙන්වා දුන්නේ, ෆයිසර් එන්නත මේ වන විට ලොව පුරා බිලියන ගණනක පුද්ගලයින් සංඛ්‍යාවකට ලබා දී ඇති බව ත් ලේ කැටි ගැසීම් සිදුවූ බවට වාර්තා වී නොමැති බව ත් ය.
මීට පෙර ලබා දුන් ඇස්ට්‍රාසෙනෙකා එන්නත සම්බන්ධව ලේ කැටි ගැසීම් වාර්තා වූ බව පෙන්වා දුන් විජේවික‍්‍රම මහතා මහතා සඳහන් කළේ, එවැනි සිදුවීම් වාර්තා වූයේ ඉතා කලාතුරකින් බව ය.
ඒ හේතුවෙන් එම එන්නත ලබා දීම අඛණ්ඩව සිදු කළ බව ඔහු පැවසීය.
විජේවික්‍රම මහතා වැඩිදුරට ත් අවධාරණය කළේ, කොවිඩ්-19 රෝගය වැළඳීමෙන් ලේ කැටි ගැසීම් සිදුවිය හැකි බව ය.













