දුන්න මළ සිරුර ආයෙත් ගෙන යාමට එරෙහිව ඥාතීන් පිරිසක් PHI ලා සමග වචන හුවමාරුවක්

කොරෝනා ආසාදනය වී නැති බව තහවුරු කරමින් කුරුණෑගල ශික්ෂණ රෝහලෙන් ඥාතීන්ට භාර දුන් මිය ගිය අයෙකුගේ සිරුරක් නිවසට රැගෙන ගොස් භූමදානය කිරීමට සූදානම් කර තිබියදී කොරෝනා ආසාදිත බවට තහවුරු වීමත් සමග සෞඛ්‍ය බලධාරීන් එම සිරුර ඔවුන්ගේ භාරයට ගෙන මැල්සිරිපුර ආදාහනාගාරයේදී ආදාහනය කළ බව ඉබ්බාගමුව සෞඛ්ය වෛද්ය නිලධාරි කාර්යාලය පවසයි.

මැල්සිරිපුර, නීරම්මුල්ල ප්‍රදේශයේ 35 හැවිරිදි පුද්ගලයෙකු කුරුණෑගල ශික්ෂණ රෝහලේ දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී 20 වන දා සවස මියගොස් ඇති අතර ඔහුට කර තිබූ PCR පරීක්ෂණ වාර්ථාව ලැබීමට පෙර ඥාතීන්ට සිරුර භාර දී ඇති බව සෞඛ්‍ය නිලධාරීහු පවසති.

රෝහලේ ප්‍රතිකාර ලැබූ මොහුගේ PCR පරීක්ෂණ වාර්තාව 21 වන දා පෙරවරුවේ ගොකරැල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයට ලැබීමත් සමග නිවසට රැගෙන ගොස් භූමදානය කිරීමට සූදානම් කර තිබූ සිරුර මහජන සෞඛ්ය පරීක්ෂකවරුන් හා පොලිසියේ නිලධාරින් කරුණු පැහැදිලි කිරීමෙන් පසු සෞඛ්‍ය බලධාරීන් භාරයට ගෙන එදින ම සවස ආදාහන කටයුතු කළ බව ඉබ්බාගමුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය කියයි.

සිරුර භාර ගැනීමට ගිය සෞඛ්‍ය බලධාරීන් හා මිය ගිය පුද්ගලයින්ගේ ඥාතින් අතර උණුසුම් වචන හුවමාරුවක් ඇතුවූ ආකාරය ද දැකගත හැකි විය. 

මිය ගිය අයට කොරෝනා ආසාදිත බව තහවුරු වීමත් සමග එම ප්‍රදේශයේ පාසල් දෙකක්, පෙර පාසල් දෙකක්, වෙළෙඳසල් හතක්, වසා දැමීමට කටයුතු කළ අතර අවමංගල්‍යය සඳහා සහභාගි වූ 175 කට වැඩි පිරිසක් නිරෝධායනයට යොමු කිරීමට සිදුව ඇති බව ඉබ්බාගමුව සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලය පවසයි.

gossip lanka
gossip lanka 1
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය විරෝධී දිනය ගැන පොලිස් මාධ්‍ය ප්‍රකාශකගෙන් විශේෂ ප්‍රකාශයක්
01:52
Video thumbnail
බීඩි ගහපු සරත් දැන් විස්කි බිබී ගොවියට කසිප්පුකාරයාලු
01:03
Video thumbnail
මගේ මූලික අයිතිවාසිකම් කඩවීමක් වෙලා - ආණ්ඩුව නීතියට අත තියලා හොම්බෙන් යන්න ලෑස්තිවෙන්න
03:28
Video thumbnail
සලේගේ බිරිඳට අපි ගරු කරන්න ඕනි - පාස්කු ප්‍ර#රයේ පරීක්ෂණය ගැන ගොඩක් අය බලාගෙන ඉන්නේ
06:40
Video thumbnail
තෙල්දෙණිය තරුණියගේ සිරුර සැඟවීමට උදව් කළ මිතුරා පොලිසියට රැගෙන ආ හැටි
01:38
Video thumbnail
භෞතික චිකිත්සකවරියගේ ඝා#නයේ සැකකරු, බිරිඳ සහ දරුවා පොලිසියට භාරදුන් අයුරු
02:13
Video thumbnail
ආගම ගැන ඩයනාගෙන් සැර කතාවක් - අර යූටියුබ් කාරයෙක් ඉන්නවා බුදු දහමට අපහාස කරනවා..
09:57
Video thumbnail
ඩයනා නඩුවට ඇවිත් කිව්ව අමුතු කතාව - මාව මහ මුහුදට තමයි දාන්න වෙන්නේ..මොක්කදෝ හුටපටයක්
01:59
Video thumbnail
ඔයත් කොරියාවට යන්න හීනමවන කෙනෙක්ද ?යන්න කළින් මේ ගැන අනිවාර්යෙන් දැනගන්න!..නීති වෙනස් වෙයි
02:55
Video thumbnail
"මෙන්න පුනරුදේ..සුපිරි..ක්ලීන් ශ්‍රී ලංකා..ගමේ නෙළුම් මල් පිරිලා"ආණ්ඩුවට විතරක් ප්‍රශ්න විසඳන්න බැහැ
02:38