AFC Banner
Empty Ad
Empty Ad

අපරාධකරුවන් හුරතල් කරලා පලක් නැහැ – රජයේ ඇමතිවරයෙක් කියයි

මත්ද්‍රව්‍ය ජාවාරම් ඇතුළු තෝරාගත් සංවිධානාත්මක අපරාධවලට සම්බන්ධ වන පුද්ගලයන්ට අනිවාර්යෙන්ම මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කළ යුතු බව කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කර සිටිනවා.

එවැනි පුද්ගලයන් හුරතල් කිරීමෙන් පලක් නොවන බව අපරාධ නඩු විධාන සංග්‍රහය( සංශෝධන) පනත් කෙටුම්පත පිළිබඳ විවාදයේදී අමාත්‍යවරයා පැවසුවේ.

මරණ දණ්ඩනය දිය යුත්තේ පොඩි පොඩි කුඩු පැකට් ළඟ තබාගෙන සිටින අයට නොව මත්කුඩු කිලෝ සියය දෙසීය ගෙනැවිත් ජාවාරම් කරන අයට බව අමාත්‍යවරයා සඳහන් කළේ.

සංවිධානාත්මක අපරාධවල යෙදෙන පුද්ගලයන්ට මරණ දඬුවම ලබා නොදෙන්නේ ඇයි දැයි අමාත්‍යවරයා මෙහිදී ප්‍රශ්න කළ අතර එවැනි අපරාධ කරුවන්ට මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කිරීමට වැඩපිළිවෙළක් අරඹන්නැයි තමා අධිකරණ අමාත්‍යවරයාගෙන් ඉල්ලීමක් කරන බවද සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?