ජනපතිගෙන් රතු එළියක්

විදුලිය කප්පාදුවක් සිදු කරන්නේ නම් එම කප්පාදුව සිදු කරන වේලාවන් පැහැදිලිව දැනුම් දීමක් කළ යුතු බවට ජනාධිපතිවරයා විසින් උපදෙස් ලබා දුන් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් කුමාර මහතා සඳහන් කළා.

ඒ බව අදාල ආයතනයන්ට දැනුම් දී ඇති බවත් ඔවුන් එය තීන්දු කර දැනුම් දිය යුතු බවත් ජනාධිපතිවරයා පැවසූ බවද ඔහු ප්‍රකාශ කළේය.

ඊයේ පස්වරුවේ පැවති ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායමට සහභාගි වෙමින් ජනාධිපතිවරයා මේ බව කියා තිබේ.

කෙසේ වෙතත් ආණ්ඩුවේ උත්සාහය විදුලිය නොකපා ජනතාව ආරක්ෂා කරගෙන යාමට බව මතවාදයක් ලෙස අදහස් පළ වූ බවද ඔහු පැවසීය.

එම හමුවට ගොස් ආපසු පිටතට පැමිණි අවස්ථාවේ මාධ්‍යවේදීන් විසින් සිදු කළ ප්‍රශ්න කිරීමේදී මන්ත්‍රීවරයා මේ බව කියා සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
8
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?