බෙල්ජියමෙන් මෙරටට එවූ සැකකටයුතු පාර්සලයක් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය විසින් මධ්‍යම තැපැල් හුවමාරුවේදී හෙට (08) පෙරවරුවේ විවෘත කෙරෙනු ඇතැයි පොලිස් ආරංචි මාර්ගවලින් පැවසෙයි.
පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරින් විසින් මෙම සැකකටයුතු පාර්සලය විවෘත කරනු ලබන්නේ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයෙන් ලද නියෝගයකට අනුව බව ද එම ආරංචි මාර්ග පවසයි.
මෙම පාර්සලය බෙල්ජියමේ සිට මෙරට ව්‍යාජ ලිපිනයකට එවා ඇති බවත් එහි මත්පෙති අඩංගුවට ඇති බවට අනුමාන කළ හැකි බවත් පොලිසිය කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු ඉදිරිපත් කර ඇත.
ඒ අනුව අධිකරණයෙන් ලද නියෝග අනුව මෙම සැකකටයුතු පාර්සලය මධ්‍යම තැපැල් හුවමාරුවේ රදවා තබාගෙන ඇති බවත් ඒ අනුව එය හෙට (08) පෙරවරුවේ විවාත කිරිමට නියමිතව ඇති බවත් වාර්තා වේ.




