කැළණිතිස්ස ගැන බලාපොරොත්තුව තවත් දුර යයි

අවම ඉල්ලුමක් පැවතුණහොත්, අද (05) දිනයේදී ද කප්පාදුවකින් තොරව විදුලිය සැපයීමේ හැකියාව පවතින බව ලංකා විදුලි බල මණ්ඩලය පවසනවා.

නිවාඩු දිනයක් වූ ඊයේ (04), අවම විදුලි ඉල්ලුමක් පැවතීම හේතුවෙන් විදුලි කප්පාදුවක් සිදු කෙරුණේ නැහැ.

කෙසේ වෙතත් සපුගස්කන්ද බලාගාරය හා කොළඹ වරායේ පිහිටි බත්තල බලාගාරය සඳහා දැවිතෙල් අවශ්‍ය වන බවයි එහි මාධ්‍ය ප්‍රකාශක අතිරේක සාමාන්‍යාධිකාරී ඇන්ඩෲ නවමනි කියා සිටියේ.

දැනට ඉන්ධන නොමැතිව අක්‍රීයව පවතින කැළණිතිස්ස බලාගාර සංකීර්ණය සඳහා ඉන්ධන ලබාදීමට තවත් දින කිහිපයක් ගත වනු ඇති බවද වාර්තා වනවා.

මේ නිසා ජාතික විදුලි පද්ධතියට අහිමිවන ධාරිතාව මෙගවොට් 280 ක්.

කෙසේ වෙතත් කාලසටහන අනුව ඉන්ධන නොලැබීම ගැටලුකාරී තත්ත්වයක් බවයි විදුලි බල අමාත්‍ය ගාමිණි ලොකුගේ කොළඹ ඊයේ (04) පැවති මාධ්‍ය හමුවක දී ප්‍රකාශ කළේ.

මේ අතර මාලඹේ ප්‍රදේශයට ඊයේ පස්වරු 6 පමණ සිට මිනිත්තු 40 ක පමණ කාලයක් හදිසියේ විදුලිය විසන්ධිවීමක් වාර්තා වුණා.

ඒ සම්බන්ධයෙන් අප කළ විමසීමකදී මහජන උපයෝගීතා කොමිසම පැවසුවේ එය විදුලිය කප්පාදුවක් නොව හදිසි බිඳ වැටීමක් බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?