කැළණිතිස්ස ගැන බලාපොරොත්තුව තවත් දුර යයි

අවම ඉල්ලුමක් පැවතුණහොත්, අද (05) දිනයේදී ද කප්පාදුවකින් තොරව විදුලිය සැපයීමේ හැකියාව පවතින බව ලංකා විදුලි බල මණ්ඩලය පවසනවා.

නිවාඩු දිනයක් වූ ඊයේ (04), අවම විදුලි ඉල්ලුමක් පැවතීම හේතුවෙන් විදුලි කප්පාදුවක් සිදු කෙරුණේ නැහැ.

කෙසේ වෙතත් සපුගස්කන්ද බලාගාරය හා කොළඹ වරායේ පිහිටි බත්තල බලාගාරය සඳහා දැවිතෙල් අවශ්‍ය වන බවයි එහි මාධ්‍ය ප්‍රකාශක අතිරේක සාමාන්‍යාධිකාරී ඇන්ඩෲ නවමනි කියා සිටියේ.

දැනට ඉන්ධන නොමැතිව අක්‍රීයව පවතින කැළණිතිස්ස බලාගාර සංකීර්ණය සඳහා ඉන්ධන ලබාදීමට තවත් දින කිහිපයක් ගත වනු ඇති බවද වාර්තා වනවා.

මේ නිසා ජාතික විදුලි පද්ධතියට අහිමිවන ධාරිතාව මෙගවොට් 280 ක්.

කෙසේ වෙතත් කාලසටහන අනුව ඉන්ධන නොලැබීම ගැටලුකාරී තත්ත්වයක් බවයි විදුලි බල අමාත්‍ය ගාමිණි ලොකුගේ කොළඹ ඊයේ (04) පැවති මාධ්‍ය හමුවක දී ප්‍රකාශ කළේ.

මේ අතර මාලඹේ ප්‍රදේශයට ඊයේ පස්වරු 6 පමණ සිට මිනිත්තු 40 ක පමණ කාලයක් හදිසියේ විදුලිය විසන්ධිවීමක් වාර්තා වුණා.

ඒ සම්බන්ධයෙන් අප කළ විමසීමකදී මහජන උපයෝගීතා කොමිසම පැවසුවේ එය විදුලිය කප්පාදුවක් නොව හදිසි බිඳ වැටීමක් බවයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ප්‍රසාද් සර් දෙනවා දීමක් ලොවෙත් නැතිවෙන්නම
06:30
Video thumbnail
ආණ්ඩුව පටන්ගත්තු වාරිමහිමට මාස ගාණකට පසු වෙලා තියෙන විනාශය - මුදල් අතුරුදන් - මිනිස්සුන්ට යකා නගියි
11:52
Video thumbnail
ආණ්ඩුවේ කාන්තා හඬක් විපක්ෂයට ඇඩෙන්නම දෙයි
09:26
Video thumbnail
සජිත් ආණ්ඩුවේ කෙරුවාව හෙළිකරයි - රැවටීම ගැන අපිට ලොකු වේදනාවක් තියෙනවා
06:34
Video thumbnail
රටේ ආරක්ෂාව වෙනුවෙන් ඥානසාර හිමි කට ඇරියේ - ඥානසාර හිමි ගැන පොහොට්ටුව කිව්ව දේ
06:28
Video thumbnail
ඥානසාර හාමුදුරුවන්ට ජනාධිපති සමාව ලබාදෙන්න
05:21
Video thumbnail
ශිරන්ති රාජපක්ෂ කියන්නේ අපේ පක්ෂයේ සාමාජිකාවක් නෙවෙයි - පොහොට්ටුව කට අරියි
10:39
Video thumbnail
සිවුර අස්සේ හැංගිලා හිටපු අය දැන් හාමුදුරුවන්ගේ සිවුර ගලවනවා
06:44
Video thumbnail
ප්‍රභාටත් බැරිවුණ එක ඔයාලා කරලා දුන්නා - අපිට මාර සතුටුයි
04:05
Video thumbnail
ගිංගගේ පාවෙමින් තිබියදි නාඳුනන පිරිමි නිසල සිරුරක් හමුවෙයි - මෙන්න එහි දර්ශන
00:37