තවත් ආසාදිතයින් 770ක්

අද උදෑසන වන විට මෙරටින් කොරෝනා ආසාදිතයින් 770 දෙනෙකු හඳුනාගෙන තිබේ.

එම පුද්ගලයින් අතරින් දෙදෙනෙකු විදේශගතව සිට මෙරටට පැමිණි දේශීය පුද්ගලයන් බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි.

ඉතිරි පුද්ගලයින් 768 දෙනා දේශීයව හඳුනාගත් ආසාදිතයින් වේ.

හඳුනාගත් ආසාදිතයින් අතරින් වැඩි ම ආසාදිතයින් පිරිසක් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වන අතර එම සංඛ්‍යාව 270කි. 

ඊට අමතරව, ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 80ක් සහ මාතර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 56 දෙනෙක් වාර්තාවී ඇත.

ඒ අනුව, මෙරට දෙවන කොරෝනා රැල්ලෙන් වාර්තා වන ආසාදිතයන් ගණන 51, 307ක් දක්වා ඉහළ ගොස් තිබේ. ඉන් පුද්ගලයින් 45, 117 දෙනෙකු මේ වන විට පූර්ණ සුවය ලබා රෝහල්වලින් බැහැරව ගොස් ඇති බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි.

මෙරටින් වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 55,188කි. ඉන් ආසාදිතයින් 47, 214ක් පූර්ණ සුවය ලබා ඇති අතර ආසාදිතයින් 7,700 දෙනෙකු තව දුරටත් ප්‍රතිකාර ලබයි.

මේ අතර, ගතවුණු පැය 24 තුළ මෙරටින් එක් කොරෝනා මරණයක් වාර්තා වී තිබේ. ඒ අනුව, මෙරටින් වාර්තාවන සමස්ත කොරෝන මරණ ගණන 274ක් දක්වා ඉහළ ගොස් ඇත.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.08.04
01:12:25
Video thumbnail
අවු:16ට වැඩි හැමෝගෙම පෞද්ගලික තොරතුරු ඉන්දියාවට ගන්න පුළුවන් - ප්‍රබල හෙළිදරව්වක්
06:32
Video thumbnail
ජනපති ප්‍රධානත්වයෙන් අධිකරණ අමාත්‍යාංශයට අදාළව 2027 පූර්ව අයවැය සාකච්ඡාව
01:22
Video thumbnail
බුදු අම්මෝ රනිල්ට හීරේට යනකොට තිබ්බ ලෙඩගොඩ - මෙතෙක් හිරගෙවල්වට ගියේ පුංචි මිනිස්සු
05:26
Video thumbnail
ආණ්ඩුව යටින් ලොකු ගේමක් ග#න්න හදන්නේ - අපි මේකට කැමති නෑ
03:05
Video thumbnail
දැන් ගොවියෝ තියෙන මිල ඇති කියනවා..ගොවියොත් එක මතේක නෑනේ
07:41
Video thumbnail
කාසල්රි සහ මාවුස්සාකැලේ ජලාශවල ජල මට්ටම පිටාර මට්ටමට
01:23
Video thumbnail
ගමේ ඉපදිච්ච එවුන්ට ගඟට එන්න අවසර නෑ
01:23
Video thumbnail
පොලිසියට අල්ලස් දෙන්න ගිය තරුණයාට වැඩ වැරදුණු හැටි
00:49
Video thumbnail
උත්තරීතර පාර්ලිමේන්තු ආසනයේ ඉදගෙන නි ඇමති දැම්ම සෙල්ලම
00:33