ක්‍රිකට් තරුවගේ වෛද්‍ය මිතුරිය ගිය ටැක්සියේ රියැදුරා සියල්ල හෙළි කරයි

කුලී මෝටර් රථයක නැඟී හලාවතට ගිය කොරෝනා ආසාදිත විශේෂඥ ශල්‍ය වෛද්‍යවරිය කොළඹ පෞද්ගලික රෝහල් කිහිපයකට මෙන් ම තලාහේන ඇතුළු ප්‍රදේශ කිහිපයකට ම ගිය බව එම කුලී රථ රියැදුරු හෙළිකර සිටී. 

ඊයේ (20දා) පෙරවරුවේ කතා කරමින් එම කුලී මෝටර් රථ රියැදුරු කියා සිටියේ මෙම වෛද්‍යවරිය, ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයකු මුණ ගැසී හලාවතට යෑම සඳහා තමාව දුරකතනය මගින් සම්බන්ධ කරගත් බවයි.

එම කුලී රථ රියැදුරු එම සිද්ධිය විස්තර කළේ මේ අයුරිනි. 

“මම කලක් හෝටලයක ටැක්සි ඩ්‍රැයිවර් කෙනෙක් ලෙස කටයුතු කළා. ඊට පස්සේ මම මෝටර් රථයක් ගෙන කුලී රථ රියැදුරකු ලෙස කටයුතු කරන්න පටන් ගත්තා. ඉකුත් 16 වන දා උදේ මගේ ටැක්සියට හයර් එකක් ආවා. තලාහේන ඉඳන් හලාවතට තමයි හයර් එක ආවේ.

මම තලාහේනට ගියාට පස්සේ ක්‍රිකට් ක්‍රීඩකයයි, මේ ‍දොස්තර නෝනයි මාත් එක්ක කතා කළේ මාස්ක් එකත් පහළට දාගෙන. තලාහේන ඉඳන් කඩුවෙලට යන අතර තුර ‍දොස්තර නෝනට කෝල් එකක් ආවා. එයා ඉංග්‍රීසියෙන් කතා කළේ. මටත් ඉංග්‍රීසි පුළුවන්. මම ටැක්සි රියැදුරෙක් වුණාට ඉංග්‍රීසිත් මම දන්නවා.

එයාට පොසිටිව් ද කියා දොස්තර ‍නෝනා ඇහුවා.

මට ඒ කතා කරපු දේවල් තේරුණ නිසා මම ‍දොස්තර නෝනාගෙන් ඇහුවා කාටද පොසිටිව් කියලා. එතකොට එයා කීවා එයාගේ රෝගියෙක්ට කොරෝනා ආසාදිත වෙලා කියලා. මම කිව්වා ‍දොස්තර නෝනා ඇයි මට කලින් නොකීවේ කියලා. එතකොට දොස්තර නෝනා කීවා, මම වෛද්‍යවරයෙක්. බය වෙන්න එපා කියලා. නෝනා වාහනේ හිටියේ මුඛ ආවරණය පහළට කරගෙන. කඩුවෙල අධිවේගී මාර්ග පිවිසුමට යන්න කලින් මම වාහනේ නැවැත්තුවා.

එයා කාට ද කතා කරලා වාහනයක් ගෙන්න ගත්තා. පස්සේ මම ‍දොස්තර නෝනාගේ දුරකතනයට කතා කළා. හලාවත රෝහලටත් කතා කළා. ‍දොස්තර නෝනාටත් කරපු රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණයකින් ඇයත් ආසාදිත බවට මට දැන ගන්න ලැබුණා. වෛද්‍යවරිය සමඟ හිටිය ක්‍රිකට් ක්‍රීඩකයටත් වෛරසය ආසාදනය වෙලා. මේ අය ඒ තොරතුරු නොකියා තමයි මගේ කුලී රථයේ ගියේ. මට දුවලා දෙන්නෙක් ඉන්නවා. එක දුවෙක් ආබාධිතයි. 

ඒ දුව ආබාධිත වුණෙත් වෛද්‍ය කාර්ය මණ්ඩලයේ අත්වැරැද්දකින්. දැන් මම ගෙදර නොයා මුල්ලේරියාවේ අක්කා කෙනකුගේ ගෙදරකට වෙලා ඉන්නේ. මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයාට මගේ තොරතුරු කිව්වා. ලබන අඟහරුවාදා මාව පී.සී.ආර්. පරීක්ෂණයකට යොමු කරන බව ඒ මහත්තයා කිව්වා. බලන්න වෛද්‍යවරු වුණත් මේ විදිහට හැසිරෙන කොට මේ වසංගතය පාලනය කරන්නේ කොහොමද? ඒකයි මම මේ සිද්ධිය පත්තරේට කිව්වේ.”

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කඩා දැමු වෙසක් කූඩු ගැන අරුන් සියල්ල හෙළිකරයි - රෑ දෙන්නෙක් මූණු වහගෙන ඇතුළට ඇවිත් වෙසක් කූඩු කඩලා
05:25
Video thumbnail
ගින්නෙන් වැඩිහිටියන් බේරගද්දි කාකි නිල ඇඳුමෙන් එළියට ආ සොඳුරු මනුස්සකම..Respect..!
01:07
Video thumbnail
ජනතාවගේ සිතුම් පැතුම් එක බැංකුවකින්වත් වෙන්නේ නෑ - කිසිම බැංකුවක පරිපාලනයක් නෑ
03:40
Video thumbnail
අනුර කුමාර අස්වෙන්න ඕනි..ලැජ්ජයි..හර්ෂදගේ ගෙදරටම ගෙනියපු එකෙන් පේනවා විශාල හොරකමක් කියලා
02:55
Video thumbnail
තවමත් දැවෙන වැඩිහිටි නිවාසයට ආරක්ෂක අංශත් කැඳවයි..මෙන්න නවතම දර්ශන
01:05
Video thumbnail
අනතුරෙන් එළොව ගිය රණවිරුවා සහ ඔහුගේ බිරිඳගේ අවසන් කටයුතු සෝසුසුම් මැද සිදුවූ හැටි
04:41
Video thumbnail
"දෙන්නෙක් ඇතුළේ..වහලේ ගිනිගන්නවා.." වැඩිහිටි නිවාසයක ඇතිවූ ගින්නේ නොදුටු දසුන් පෙළක්..
04:49
Video thumbnail
මිල්ලනිය වැඩිහිටි නිවාසය සම්පූර්ණයෙන් ගිනිබත් වෙයි..11ස් දෙනෙක් අතුරුදන් - 44ක් මුදා ගනී
01:54
Video thumbnail
ඔයාලට ඩීසල් ලීටරයක් ගන්න වෙන්නේ රු. 750ට ? - මේ ටැක්ස් එක තමයි අඩු කරලා තියෙන්නේ
03:08
Video thumbnail
වැඩිපුර තෙල් වැය වෙන්න හේතුව බාල ගල් අඟුරු නෙවෙයි..Night Peak එක ගන්න ඩීසල් පුච්චන්න වුණා
03:23