පෙම්වතුන් දෙතුන් දෙනෙක්ගේ සුභ පැතුම් සමග උපන්දිනය සමරන සුලෝචනා වීරසිංහ

සුලෝචනා වීරසිංහ කියන්නෙ රංගන ශිල්පිනියක් ලෙස හැමෝම දන්න කෙනෙක්. විටෙක රිදී තිරයේ ආන්දෝලනාත්මක චරිත නිරූපණය කළ ඇය, “නිකිණි වැස්ස” චිත්‍රපටයේ කළ රංගනය බොහෝ දෙනා අතර කතාබහට ලක්වුණා.

එමෙන්ම, “ගින්නෙන් උපන් සීතල”, “තණ්හා රතී රගා” හි ඇය නිරූපිත චරිතත් සියලු දෙනාගේ පැසසුමට ලක්වූ බව නොරහසක්. මේ සුන්දර නිළිය පසුගිය දවසක ඇගේ 38 වැනි උපන්දිනය සැමරුවා.

එදින ඇයට කලා ලෝකයේ බොහෝ දෙනා සුබ පැතුම් එක් කළ අතර, ඇය ද ඇගේ මුහුණු පොතේ ආදරණීය සටහනක් තබා තිබුණා.

1984 ජනවාරී මාසේ 26 වෙනිදා මේ ලෝකෙට මගේ පැමිණීම ගැන ගොඩක්ම සතුටු වෙන්න ඇත්තේ මගේ අම්මා තාත්තා අක්කා .ඊට පස්සේ අම්මාගේ තාත්තාගේ පවුලේ අය ගමේ තව කීපදෙනෙක් වෙන්න ඇති..එදා අම්මාගේ තාත්තාගේ හදවත පිරුණු විදිහ මට හිතා ගන්න පුළුවන් මගේ පුතා නිසා මම පිරුණු විදිහ මතක් කලාම.
උපන් දින වලට ගෙදර අය ඇරුනාම මතක ඇති පුංචි කාලේ සුභ පැතුවේ පංතියේ ටීචයි පංතියේ යාළුවොයි. අවුරුදු 16 න් විතර පස්සේ ඉදලා පෙම්වතෙකුගේ සුභ පැතුමකුත් එකතු උනා..ඊට පස්සේ කැම්පස් යාළුවෝ,ආයෙමත් පෙම්වතෙකුගේ සුභ පැතුමක්…38 වෙද්දි පෙම්වතෙක් වු සැමියා ඇතුළු තව පෙම්වතුන් දෙතුන් දෙනෙක්ගේ සුභ පැතුම් එකතු උනා…
අවුරුද්දෙන් අවුරුද්ද උපන් දිනයට සුභ පතන පිරිස ටිකෙන් ටික වැඩිවෙලා.. ලංකාවේ සිව් කොනින් විතරක් නෙවෙයි අපිට ගෙඩාක් ඈත රටවල ජීවත් වෙන අපේම අයගෙ මැසෙන්ජ,එෆ් බී පෝසට්.දුරකථන ඇමතුම්,කෙටි පණිවිඩ විතරක් නෙවෙයි ගෙදර උන්දැටත් කලින් රටේ අගමැති සුභ පතන තැනට මගේ ඉපදීම පත්වෙලා..සතුටුයි 38 ක ජීවිත කාලය තුළ මම මේතරම් මිනිස්සු හම්බ කර තිබීම ගැන..
උපන් දින සුභ පැතුම් එක් නොකලත් මට හිතාදර බොහෝ දෙනා ඉන්නා බව දනිමි. උපන් දින සුභ පැතුම් එවමින් මට සුභ පැතූවන්ට වෙන වෙනම ස්තුති කිරීම කොහෙත්ම කල නොහැක්කක් තරමට ප්‍රමාණයෙන් වැඩියි. ආදරෙයි මේ ආදරේට. හැමෝටම ගොඩක් ස්තුතියි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොහොට්ටුවේ මීනු කළුතර හොල්ලයි..නාමල්ගේ Meetingවලට එන සෙනඟ දැකලා NPP එකේ කකුල් වෙව්ලනවා
07:01
Video thumbnail
නාමල් රාජපක්ෂගේ මීටින්වලට එන ජන ගඟ දැකලා NPP එකේ කකුල් සට සට ගාලා වෙව්ලනවා..
00:10
Video thumbnail
බොරු පොරොන්දු ආකරයක් තුළින් රටම රවට්ටලා - රජයේ මන්ත්‍රීලා එකතුවෙලා ඉඩම් මංකොල්ල කනවා ?
03:53
Video thumbnail
වී කන්න ආ වන අලියා නිවසට ප#රදී කුඩු කරලා - වන අලි තර්ජනය උග්‍ර වෙයි - ජනතාව අසරණවෙයි
00:47
Video thumbnail
කොට්ටහච්චිට හිටපු ඇමති චන්දිමගෙන් සැර හින්ට් එකක්.."කොට්ටෝරුවා වගේ"
10:54
Video thumbnail
මුළු තලවකැලේම ජනතාව භීතියට පත්කළ බස් නැවතුමේ බිහිසුණු සිදුවීම - ටවුන් එකේ ඉන්න බෑ
02:14
Video thumbnail
මහා දරුණු දේශපාලන කල්ලි අපි පලවා හැරියේ - අපිට ලැබුණේ අඩිය නැති ආර්ථිකයක් තිබුණ රටක්
10:53
Video thumbnail
මහින්ද මහත්තයා දකුණේ කියද්දි ගැම්මක් තිබුණා - නීතිය සැමට උඩින් කිව්වා..අද කෝ ආයෝජකයෝ ?
10:02
Video thumbnail
අධිබලැති විදුලි රැහැන් කණුවක නැගලා මනුස්සයෙක් දාපු සෙල්ලම - "පාන්දර ඉදලා ඉන්නේ..කෑගැහුවා"
02:02
Video thumbnail
දියවඩන නිලමේගෙන් පෙරහර ගැන විශේෂ ප්‍රකාශයක්..ඉතා විනයගරුකව පෙරහර නරඹන්න
02:08