හමුදාවෙන් පණිවිඩයක්

ඉදිරි සතියේදී විශේෂ එන්නත්කරණ වැඩසටහනක් ක්‍රියාත්මක කරන බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

ඒ අනුව, ඉදිරියේදී බූස්ටර් එන්නත ලබාදීමේ ජංගම එන්නත්කරණ මධ්‍යස්ථාන ක්‍රියාත්මක කරන බව යුද හමුදාපතිවරයා සඳහන් කළේය.

දියතලාව ප්‍රදේශයේ පැවති වැඩසටහනකදී මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඔහු ඒ බව ප්‍රකාශ කළේය.

පසුගිය දිනවල දී කොවිඩ් ආසාදිතයින්ගේ වැඩිවීමක් දක්නට ලැබෙන බවද යුද හමුදාපතිවරයා පවසයි.

ආසාදිතයින්ගේ සංඛ්‍යාව ඉහළ යාමත් සමග හැකි ඉක්මණින් ජනතාව බූස්ටර් එන්නත ලබාගැනීමට ක්‍රියා කළයුතු බවද යුද හමුදාපතිවරයා අවධාරණය කළේය.

“පසුගිය සති තුන හතර කාල සීමාවේදී කොවිඩ් ආසාදිතයින්ගේ වැඩිවීමක් දක්නට ලැබෙනවා. මේ වන තෙක් බූස්ටර් එන්නතක් ලබාගැනීමට ක්‍රියා නොකරපු අපගේ ආදරණීය ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ හැකි ඉක්මණින් බූස්ටර් එන්නත ලබාගැනීමට ක්‍රියා කරන්න. ඒ සඳහා ජනාධිපතිතුමාගේ උපදෙස්වලට අනුව ශ්‍රී ලංකා යුද හමුදාව ප්‍රමුඛ ත්‍රිවිධ හමුදාව යොදවලා සෑම පුරවැසියෙකුටම එනනත් ලබාදීම  සඳහා විශේෂ මධ්‍යස්ථාන අපි ආරම්භ කරනු ලැබුවා. 

ඉදිරි සතිය 2ක තුළදී ජංගම ආකාරයෙන් පවා එන්නත් කිරීමට අපි බලාපොරොත්තු වෙනවා.”
 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
4
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බාල ගල් අඟුරු නිසා වෙන්න යන දේ මෙන්න - ජල විදුලි නිෂ්පාදනය ඉදිරියේදී ඉතාම අඩුවෙනවා ?
02:36
Video thumbnail
පොලිසියට වෙ# තැබූ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවා සොයා විශේෂ මෙහෙයුම්
00:57
Video thumbnail
පොලිසියට වෙ# තැබූ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවා සොයා විශේෂ මෙහෙයුම්
01:20
Video thumbnail
3 වසර ළමයා කළ හිතාගන්නවත් බැරි වැඩේ ?
01:46
Video thumbnail
හිටපු ඇමති විමල් වීරවංශගේ සහෝදරයා රිමාන්ඩ්
01:25
Video thumbnail
කෙහෙළිය රඹුක්වැල්ල උසාවියට ඇවිත් රිවස් ග#හපු හැටි
00:32
Video thumbnail
දඹුල්ල නගරය මැද කාන්තාවක් උපන් ඇඳුමෙන් කළ කැත වැඩේ
00:52
Video thumbnail
ඩෙල්ෆ්, අනලතිව් සහ නයනතිව් දූපත් හරිත බලශක්ති දූපත් කිරීමට ජනපතිගෙන් උපදෙස්
01:48
Video thumbnail
අශ්වයෝ පිටේ ගැම්මට ගිහින් මාලිමාවේ ඇමතිලා දාපු සෙල්ලම්
00:08
Video thumbnail
යුද්දය එක්ක සංචාරක කර්මාන්තයට මොනවා වෙයිද ? ගුවන්යානා දෙදහක් අවලංගු වෙලා
01:40