මාස 10කට පසු මෙරට ගුවන් තොටුපොළ විවෘත වෙයි – පැනවූ නීති රෙගුලාසි මෙන්න

කටුනායක ගුවන් තොටුපොළ මාස 10කට පසු සංචාරකයින් සඳහා ඊයේ මධ්‍යම රාතී‍්‍රයේ සිට විවෘත කෙරුණා.

ඒ සෞඛ්‍ය අමාත්‍යංශය විසින් ලබා දුන් සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුගතවයි. මෙරට පැමිණෙන සංචාරකයින් අනුගමනය කළ යුතු සෞඛ්‍ය ක‍්‍රමවේද ඇතුළත් මාර්ගෝපදේශ මාලාවක්ද සෞඛ්‍ය අමාත්‍යංශය විසින් මේ වන විට නිකුත් කර තිබෙනවා.

දිවයිනට පැමිණිමෙන් පසු හෝටල් කාමර වෙන් කිරීම, පී සී ආර් පරීක්ෂණ සිදු කිරීම සහ සංචාරය කරන ස්ථාන ඇතුලූ කරුණු ගණනාවක් පිළිබ`දව අනුගමනය කළ යුතු කි‍්‍රයා පිළිවෙත් මෙම සෞඛ්‍ය මාර්ගෝපදේශමාලාවේ දැක්වෙනවා. සංචාරකයින් දිවයිනට පැමිණීමෙන් පසු ඒ ඒ ස්ථානීය කරුණු සඳහා වගකීම් පැවරෙන පාර්ශව පිළිබඳවද මෙම මාර්ගෝපදේශමාලාවේ දක්වා තිබීම විශේෂත්වයක්.

ගුවන් තොටුපොළ විවෘත කිරීමත් සමග නේවාසික පුරවැසියන්, ද්විත්ව පුරවැසිභාවය හිමි පුද්ගලයින් සහ විදේශීය සංචාරකයන්ට බාධාවකින් තොරව දිවයිනට පැමිණීමට හැකිවනවා. මෙරටට පැමිණෙන සංචාරක ගුවන් මගීන් ශ‍්‍රී ලංකා සංචාරක මණ්ඩලයේ අඅඅගිරසක්බන්ගඑර්ඩැක යන වෙබ් අඩවියට පිවිස , ශ‍්‍රී ලංකා සංචාරක මණ්ඩලයේ අනුමත සහ එහි ලියාපදිංචි වී ඇති හෝටල් 53 න් එකක් තෝරා ගත යුතුයි.

දිවයිනට පැමිණෙන සංචාරකයින් ඇමෙරිකානු ඩොලර් 40 ක මුදලක් තැන්පත් කර මෙරටදී දී පී.සී.ආර්.පරීක්ෂණයක් සිදු කිරීම ස`දහා රිසිට් පතක් ද ලබා ගත යුතු වනවා. එහිදී යම් සංචාරකයෙකු ශ‍්‍රී ලංකාව තුළ දින 01 ත් 06ත් අතර කාලයක් රැදී සිටින්නේ නම් එක් පී.සී.ආර්.පරීක්ෂණයක් සිදු කළ යුතුයි.

යම් සංචාරකයෙකු දින 07 කට වඩා වැඩි කාලයක් මෙරට තුළ රැදී සිටින්නේ නම් ඔහු තවත් පී.සී.ආර්.පරීක්ෂණයක් සිදු කළ යුතු වනවා. මෙරට දී සිදු කරනු ලබන එක් පී.සී.ආර්.පරීක්ෂණයක් සදහා සංචාරකයෙකුගෙන් අයකරන මුදල ඇමෙරිකානු ඩොලර් 40 ක්.

ඊට අමතරව ශ‍්‍රී ලංකාවට පැමිණීමට අපේක්ෂා කරන සංචාරකයන් ඇමෙරිකානු ඩොලර් 12 ක් වැය කර කොවිඞ් රක්ෂණ ආවරණයක් ද ලබා ගත යුතුයි. කෙසේවෙතත් දිවයිනට පැමිණෙන විදෙස් ගත ශී‍්‍ර ලාංකිකයින් හෝ ද්විත්ව පුරවැසිභාවය හිමි පුද්ගලයින් මෙම රක්ෂණාවරණය ලබාගැනිම අවශ්‍ය නොවන බවයි සංචාරක අමාත්‍යංශයේ ලේකම් එස් හෙට්ටිඅරච්චි සඳහන් කළේ.

ශ‍්‍රී ලංකාවට පැමිණීමට සූදානම් වන සංචාරකයින් ගුවන් ප‍්‍රවේශ පත‍්‍රය , ශ‍්‍රී ලංකාවේ නවාතැන් ගැනීමට නියමිත හෝටලයේ විස්තර සහ වෙන් කරවා ගත් අංකය, ශ‍්‍රී ලංකාවේ දී සිදු කරන පී.සී.ආර්.පරීක්ෂණ සදහා මුදල් ගෙවූ රිසිට් පත, කොවිඞ් රක්ෂණ ආවරණය ලැබූ සහතිකය, ශ‍්‍රී ලංකාවට පැමිණීමට පැය 72 කට පෙර ලබා ගත් පී.සී.ආර්. පරීක්ෂණ ප‍්‍රතිඵල වාර්තාව ඉදිරිපත් කළ යුතුයි.

අනතුරුව සංචාරක වීසා ලබා ගැනීම සදහා අඅඅගැඒගටදඩගකන වෙබ් අඩවියට පිවිස ඒ සදහා අයදුම් කළ යුතු වනවා. ඉන්පසුව සංචාරකයින්ට ශ‍්‍රී ලංකාවට පැමිණීම සිදු කළ හැකි අතර , එසේ පැමිණෙන සියලූ ගුවන් මගීන් සහ ඔවුන්ගේ ගමන් මලූ‍ සියල්ල ගුවන් තොටුපොළ තුළදීම විශබීජ හරණය කිරීම සිදු කෙරෙනවා.

මෙහිදී ශ‍්‍රී ලංකාවට පිවිසෙන සියලූ‍ම ගුවන් මගීන් මුඛ ආවරණ පැළදීම අනිවාර්ය බවයි සංචාරක අමාත්‍යංශය ස`දහන් කළේ. අනතුරුව මෙම ගුවන් මගීන් ගුවන් යානය තුළ දී ලබා දුන් සෞඛ්‍ය වාර්තා, ගුවන් තොටුපළ තුළ සූදානම් කර ඇති සෞඛ්‍ය කවුළු වෙත ලබා දිය යුතුයි.

කටුනායක ගුවන් තොටුපළ තුළ මෙවැනි සෞඛ්‍ය කවුළු 10 ක් සූදානම් කර ඇති අතර , මත්තල ගුවන් තොටුපළ තුළ එවැනි කවුළු 02 ක් සූදානම් කර තිබෙනවා. අනතුරුව මෙම ගුවන් මගීන් ස්වයංක‍්‍රීය ශරීර උෂ්ණත්වමාපක ඔස්සේ ගමන් කළ යුතු අතර , එහිදී යම් සංචාරකයෙකුගේ ශරීර උෂ්ණත්වය සෙල්සියස් 37.5ට වැඩි නම් , එම සංචාරකයා වහාම ගුවන් තොටුපළ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් වෙත යොමු කෙරෙනවා.

අනතුරුව මෙම සංචාරකයින් ආගමන විගමන කලාපයට පිවිසෙන අතර, එහිදී ඔවුන් තත්පර 30 – 40 ත් අතර කාළයක් තුළ නිදහස් කිරීමටයි සැළසුම් ඇත්තේ. ඉන්පසු එළෙස පැමිණි සංචාරකයින්ට ගුවන්තොටුපළ තීරු බදු රහිත සාප්පු සංකීර්ණයට පිවිසීමට හැකි වනවා.

මෙම සාප්පු තුළ ගුවන් මගීන් වැඩි කාළයක් ගත කරන බැවින් , එම සාප්පු සංකීර්ණයේ සියලූ‍ සේවකයින් පූර්ණ ආරක්ෂිත ඇදුම් පැළද සිටිය යුතුයි. ගුවන් තොටුපළ සියලූ‍ම සේවකයින් මෙම ක‍්‍රියාවලිය පිළිබඳව පෙරහුරු පවත්වා , විශේෂ පුහුණුවකට ලක් කර ඇති බවයි සීමා සහිත ගුවන් තොටුපොළ සහ ගුවන් සමාගම පැවසුවේ.

මේ අතර දිවයිනට පැමිණි සංචාරකයින් සඳහා පී සී ආර් පරීක්ෂණ ගුවන් තොටුපොළ තුළදී සිදු නොකිරීමට සංචාරක අමාත්‍යංශය තීරණය කර තිබෙනවා. ගුවන් තොටුපොළ තුළ තදබදයක් ඇති විය හැකි බැවින් අදාල හෝටල් තුළදී මෙම පී සී ආර් පරීක්ෂණ සිදු කිරීමට තීරණය කළ බවයි සංචාරක අමාත්‍යංශයේ ලේකම් එස් හෙට්ටිආරච්චි නෙත් නිවුස් වෙත පැවසුවේ.

සංචාරක ව්‍යාපාරය නගා සිටුවීම සඳහා මෙම කටයුතු සිදු කෙරෙන අතරතුර විදෙස්ගත ශී‍්‍ර ලාංකිකයින් දිවයිනට ගෙන්වා ගැනීමේ වැඩපිළිවෙලද අඛණ්ඩව ක‍්‍රියාත්මක බවයි මෙහිදී ප‍්‍රකාශ කෙරුණේ. ගුවන් තොටුපළ විවෘත කිරීමෙන් පසු දිවයිනට පැමිණෙන සංචාරකයින් රැගත් පළමු ගුවන් යානය කටාර් රාජ්‍යයේ සිට හෙට අළුයම 02යි 15ට කටුනායක ගුවන් තොටුපොළ වෙත ලගා වීමට නියමිතව තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පැතුම් ගැන එංගලන්ත නායකයා කිව්ව දේ
00:56
Video thumbnail
දෙවුන්දර වෙ# තැබීමකින් දෙවුන්දර ඩිලයිට් අවසන් ගමන් යයි
01:14
Video thumbnail
කැලෑ නීතිය රජ වෙන්න බෑ..නීතියෙන් හැමෝටම සහය තියෙන්න ඕනි
01:42
Video thumbnail
සිංහ පුතුන් එක්ක පල්ලෙකැලේ සටනට ලෑස්ති වෙන සුදු මහත්වරු
01:53
Video thumbnail
වීල් එකට ගොඩවුණු ලස්සනට සිංහල කතා කරන සුදු අක්කා..ත්‍රීවීල් අයියාගේ තියෙන මනුස්සකම බලන්නකෝ
02:03
Video thumbnail
"ඇතුළේ Security එකෙන් එලවනවා..අපිට දැන් ජොබ් එකත් එපාවෙලා ඉන්නේ"
03:03
Video thumbnail
දඩමස් ජාවාරමක් ජයටම කරගෙන ගිය සැකකරුවන් 2ක් බඩුත් එක්කම කොටුවෙයි
01:52
Video thumbnail
"පණ තියෙනවද?" පුද්ගලයෙක් ළිඳකට වැ# එළොව යයි..දැඩි පරිශ්‍රමයක් දරා ගොඩට ගත් හැටි
02:58
Video thumbnail
අවු : 3ක දියණියකගේ දිවි අහිමි කළ බිහිසුණු රිය අනතුර..
00:50
Video thumbnail
දවසේ වෙ#ල්ල පාලනය කරපු හැටි කියන නි.පොලිස්පති..පාතලයේ දැන් තුවක්කු හිඟයක් තියෙනවා
03:10


?