වසර 02 ක් පුරාවට තම දියණියට පියා කල දේ (වීඩියෝ)

වසර 02 කට අධික කාලයක් තිස්සේ තම 14 හැවිරිදි දියණිය අප#යෝජ%නය කළ පියෙකු අත්$අඩංගුවට ගැනීමට මාතර කොට්ඨාස ළමා හා කාන්තා කාර්යාංශ නිලධාරීන් සමත් වුණා.

මාතර – කඹුරුපිටිය ප්‍රදේශයේ නිවෙසක රාත්‍රී කාලයේදී නිරන්තර ගැටුම් ඇති බව බවට ප්‍රදේශවාසියෙකුගෙන් මාතර කොට්ඨාස ළමා හා කාන්තා කාර්යාංශය වෙත පසුගියදා තොරතුරක් ලැබී තිබෙනවා.

අදාල නිවසේ වයස අවුරුදු 14 ක,08 හා 06 හැවිරිදි වියේ පසුවන දැරියන් තිදෙනෙකු සිටින බැවින් ඔවුන්ගේ ආරක්ෂාව පිළිබදව සොයාබලන ලෙසයි අදාල තොරතුර හරහා වැඩිදුරටත් දන්වා තිබුනේ.

ඒ අනුව විමර්ශන ආරම්භ කළ පොලීසියට තොරතුරු රැසක් හෙළිවුණා.

එහිදී 14 හැවිරිදි වියේ පසු වන දැරිය පවසා ඇත්තේ තම පියා නිරතරයෙන් මව සමග ගැටුම් ඇති කර ගෙන නි%දන කාමරයෙන් පිටව යන බවයි.

පසුව පියා තමා නිදා$සිටින කාම%රයට පැමිණ අප#යෝජන සිදුකරන බවයි දැරිය පොලිස් නිලධාරීන් හමුවේ පවසා ඇත්තේ.

මෙලෙස වසර 02 කට අධික කාලයක් ඇය පියාගෙන් අප#යෝජනයට ලක් ව තිබෙන බව පොලිස් පරීක්ෂණවලදී හෙළිව තිබෙනවා.

ඒ අනුව මාතර කොට්ඨාස භාර ජේ්‍යෂ්ඨ පොලිස් අධිකාරී චන්දන හෙරත් මහතාගේ අධීක්ෂණය මත ක්‍රියාත්මක වු මාතර කොට්ඨාස ළමා හා කාන්තා කාර්යාංශ නිලධාරීන් 40 හැවිරිදි වියේ පසු වන පියා ඊයේ අත්අඩංගුවට ගත්තා.

ඔහු අද මාතර මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරිමෙන් අනතුරුව ලබන 02 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමටයි නියෝග කෙරුණේ.

පොලිසිය පැවසුවේ 14 හැවිරිදි දැරියගේ වෛද්‍ය වාර්තාවක් කැඳවීම සදහා ඇයව අධිකරණ වෛද්‍යවරයා වෙත යොමු කළ බවයි.

අපයෝජනයට ලක් වු දැරිය මෙම සිදුවීම පිළිබඳව මීට පෙර තමා ඉගෙනුම ලබන පාසලේ පංති භාර ගුරුවරියට දැනුම් දී ඇතත්, ඇය ඒ පිළිබඳ කිසිදු සැලකිල්ලක් දක්වා නැති බවයි පොලිසිය ප්‍රකාශ කලේ.

ඒ අනුව වැඩිදුර විමර්ශන සදහා දැරිය ඉගෙනුම ලබන පාසලේ විදුහල්පති, විනයභාර ආචාරවරයා මෙන්ම පංතිභාර ගුරුවරිය ද පොලිසියට කැදවා මේ පිළිබද ඉදිරි විමර්ශන කටයුතු සිදුකිරීමට නියමිතයි.

Hiru news

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අයවැය කාරකසභා විවාදය සජීවීව - 2025.12.05
10:50:02
Video thumbnail
ජනපති විපක්ෂයට කනේ ඇඟිලි ග#ගන්න දෙසයි.."කරුණාකරලා ගිහින් නඩුවක් දාන්න.."
01:44
Video thumbnail
පාර්ලිමේන්තුවම සංවේදී කරමින් ජනපති කිව්ව කතාව.."කුඩා දරුවන් තමන්ගේ කැටේ ගෙනල්ල දෙනවා"
10:32
Video thumbnail
හලාවත මුළු ටවුන් එකම හිටිහැටියේම සුන්නද්දූලි කළ බිහිසුණු සුළඟ..බෝඩ් ග#ලවන් උඩින් යයි
00:43
Video thumbnail
අජිත් පෙරේරා කුපිත වී මුළු පාර්ලිමේන්තුවම දෙවනත් කරයි..
08:23
Video thumbnail
පාර්ලිමේන්තු කතාව මැද හස්ත සංඥාවක් දීගෙනම ජනපති පාර්ලිමේන්තුවට එයි
00:45
Video thumbnail
සුජීව පාර්ලිමේන්තුවේ වීඩියෝවක් ලීක්කරයි.."ආණ්ඩුවට කිසි අත්දැකීමක් නෑ..විපක්ෂය ගණන් ගන්නෙවත් නෑ"
09:39
Video thumbnail
"වාරිමාර්ග ඇමති බයිලා ග#න්නේ නැතුව ඉල්ලා අස්වෙන්න.."චාමර සභාවේ ලෙසටම ෆයර්වෙයි
09:24
Video thumbnail
මෙන්න හදිසියේම වෙනස්වන කාලගුණයේ උඩු යටිකුරුවෙන වෙනස..
04:02
Video thumbnail
ගම්මන්පිල ජනපතිට නඩු දාන්න සැරසෙයි..නඩු දස ලක්ෂයට මුහුණ දෙනවද? තමන්ට පුළුවන් දේ කරනවද?
11:01


?