වසර 02 ක් පුරාවට තම දියණියට පියා කල දේ (වීඩියෝ)

වසර 02 කට අධික කාලයක් තිස්සේ තම 14 හැවිරිදි දියණිය අප#යෝජ%නය කළ පියෙකු අත්$අඩංගුවට ගැනීමට මාතර කොට්ඨාස ළමා හා කාන්තා කාර්යාංශ නිලධාරීන් සමත් වුණා.

මාතර – කඹුරුපිටිය ප්‍රදේශයේ නිවෙසක රාත්‍රී කාලයේදී නිරන්තර ගැටුම් ඇති බව බවට ප්‍රදේශවාසියෙකුගෙන් මාතර කොට්ඨාස ළමා හා කාන්තා කාර්යාංශය වෙත පසුගියදා තොරතුරක් ලැබී තිබෙනවා.

අදාල නිවසේ වයස අවුරුදු 14 ක,08 හා 06 හැවිරිදි වියේ පසුවන දැරියන් තිදෙනෙකු සිටින බැවින් ඔවුන්ගේ ආරක්ෂාව පිළිබදව සොයාබලන ලෙසයි අදාල තොරතුර හරහා වැඩිදුරටත් දන්වා තිබුනේ.

ඒ අනුව විමර්ශන ආරම්භ කළ පොලීසියට තොරතුරු රැසක් හෙළිවුණා.

එහිදී 14 හැවිරිදි වියේ පසු වන දැරිය පවසා ඇත්තේ තම පියා නිරතරයෙන් මව සමග ගැටුම් ඇති කර ගෙන නි%දන කාමරයෙන් පිටව යන බවයි.

පසුව පියා තමා නිදා$සිටින කාම%රයට පැමිණ අප#යෝජන සිදුකරන බවයි දැරිය පොලිස් නිලධාරීන් හමුවේ පවසා ඇත්තේ.

මෙලෙස වසර 02 කට අධික කාලයක් ඇය පියාගෙන් අප#යෝජනයට ලක් ව තිබෙන බව පොලිස් පරීක්ෂණවලදී හෙළිව තිබෙනවා.

ඒ අනුව මාතර කොට්ඨාස භාර ජේ්‍යෂ්ඨ පොලිස් අධිකාරී චන්දන හෙරත් මහතාගේ අධීක්ෂණය මත ක්‍රියාත්මක වු මාතර කොට්ඨාස ළමා හා කාන්තා කාර්යාංශ නිලධාරීන් 40 හැවිරිදි වියේ පසු වන පියා ඊයේ අත්අඩංගුවට ගත්තා.

ඔහු අද මාතර මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරිමෙන් අනතුරුව ලබන 02 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමටයි නියෝග කෙරුණේ.

පොලිසිය පැවසුවේ 14 හැවිරිදි දැරියගේ වෛද්‍ය වාර්තාවක් කැඳවීම සදහා ඇයව අධිකරණ වෛද්‍යවරයා වෙත යොමු කළ බවයි.

අපයෝජනයට ලක් වු දැරිය මෙම සිදුවීම පිළිබඳව මීට පෙර තමා ඉගෙනුම ලබන පාසලේ පංති භාර ගුරුවරියට දැනුම් දී ඇතත්, ඇය ඒ පිළිබඳ කිසිදු සැලකිල්ලක් දක්වා නැති බවයි පොලිසිය ප්‍රකාශ කලේ.

ඒ අනුව වැඩිදුර විමර්ශන සදහා දැරිය ඉගෙනුම ලබන පාසලේ විදුහල්පති, විනයභාර ආචාරවරයා මෙන්ම පංතිභාර ගුරුවරිය ද පොලිසියට කැදවා මේ පිළිබද ඉදිරි විමර්ශන කටයුතු සිදුකිරීමට නියමිතයි.

Hiru news

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ටිල්වින් වැරැද්ද පිළිගෙන සමාව ගත්තා - එකළොස් ලක්ෂයක් නඩු බෝල්ට් පොයින්ට් පෑනෙන් විසඳන්න බැහැ
07:24
Video thumbnail
දුම ගැහුවට වැඩක් නෑ ආයේ එනවා මදුරුවෝ - පරිසරයේ අනිත් සත්තුන්ට මේක හොඳ නෑ
04:05
Video thumbnail
මහවැලි ගඟේ දිය නෑමට ගොස් 10 වසර ළමයෙක් ගි# අතුරුදහන් - "එයා පීනගෙන එද්දි යට ගියා"
02:21
Video thumbnail
හොරකම් කරපු මුදල් වෙන රටවලට ගියාද ?නිරුක්ෂගෙන් ප්‍රබල හෙළිදරව්වක්
12:40
Video thumbnail
වැලිගම දින 90 සුපිරි වැඩසටහන - ටොෆි කොලයක් පාරට දාන්නේ නැති සමාජයක් හදනවා
04:54
Video thumbnail
වසර 12ක් විභාග වූ ප්‍රසිද්ධ ගායන ශිල්පී චිලීගේ නඩුව අවසන් කරයි
01:12
Video thumbnail
යතුරුපැදියක් මෝටර් රථයක වැදී යතුරුපැදිකරුට බරපතළ තුවාල
01:30
Video thumbnail
අනවසර ගොඩනැගිල්ලක් කඩා ඉවත් කිරීමේදී උණුසුම් තත්ත්වයක්
01:29
Video thumbnail
අනවසරයෙන් මසුන් ඇල්ලූ ඉන්දීය ධීවර යාත්‍රාවක් නාවික හමුදා භාරයට
00:14
Video thumbnail
මෙරට මුහුදු සීමාවේ මසුන් ඇල්ලූ ඉන්දීය ධීවරයින් 9දෙනෙක් නාවික හමුදා භාරයට
00:38