දරුවන්ගේ සෞඛ්‍ය ගැන අනතුරු ඇඟවීමක්

පන්තිකාමර තුළ දී දරුවෙකුගෙන් තවත් දරුවෙකුට කොවිඩ් රෝගය බෝවීමට තිබෙන ඉඩකඩ බොහෝ සෙයින් අවම මට්ටමක පවතින බව රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළමා රෝග විශේෂඥ වෛද්‍ය චන්න ද සිල්වා මහතා පවසයි.

වෛද්‍යවරයා වැඩිදුරටත් අදහස් දක්වමින් සඳහන් කර සිටියේ, දරුවන් වැඩි පිරිසක් කොවිඩ් රෝගයට ගොදුරු වී ඇත්තේ පාසල තුළින් නොව භාහිර සමාජයෙන් බවය.

“කුඩා දරුවෙකුගෙන් තවත් දරුවෙකුට රෝගය බෝ කිරීමේ හැකියාව පන්ති කාමරය තුළ දී ඉතාම අවමයි. එහිදී වැඩිහිටි දරුවන් අතර මේ තත්ත්වය වැඩිවෙන්න පුළුවන්. නමුත් දැනට හොඳ තත්ත්වයක් තමා දරුවන් අතර, වයස අවුරුදු 12ට වැඩි අයට එන්නත්කරණය නොමිලේ ලබාගැනීමේ අවස්ථාව ඉතා පහසුවෙන් ලබාගැනීමේ හැකියාව පවතිනවා. මේ සියලු පහසුකම් ඇති කරලා තියෙන්නේ දරුවන් අතර රෝගය පැතිර යෑම අඩු කිරීමට.”

දරුවන් අතර මේ දිනවල වෛරස් රෝග හා ඩෙංගු රෝගී තත්ත්වයන් බහුලව පවතින බව ද වෛද්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

“මේ දිනවල දරුවන් අතර රෝග තත්ත්වයන් ඇති වීමේ පැහැදිලි වැඩිවීමක් දක්නට ලැබෙනවා. විශේෂයෙන්ම කොවිඩ් -19 රෝගය, වෙනත් සෙම්ප්‍රතිශ්‍යා තත්ත්ව, වෙනත් වෛරස් රෝග සහ ඩෙංගු රෝගය දක්නට ලැබෙනවා. එම නිසා යම්කිසි දරුවෙකු ට උණක්, හෙම්බිරිසාවක් හෝ යම්කිසි රෝග ලක්ෂණයක් පෙන්වනවා නම්, පළමුවෙන් ම පාසල් යැවීමෙන් වළක්වාගෙන නිවස තුළ තබාගෙන ඔවුන්ට අවශ්‍ය විවේකය ලබාදීම සහ වෛද්‍ය උපදෙස් සඳහා යොමු වීම. විශේෂයෙන්ම දරුවෙක් හෝ නිවසේ යම්කිසි කෙනෙක් යම්කිසි රෝග ලක්ෂණයක් පෙන්නුම් කරනවා නම් උණ සහිත තත්ත්වයක් තියෙනවා නම්, සෙම්ප්‍රතිශ්‍යාව තත්ත්වයක් තියෙනවා නම් දරුවන් පාසල් යැවීමෙන් වළකින්න. එමඟින් දරුවන්ට ආරක්ෂාව සැලසෙනවා. සමහර වෛරස් රෝගයන්ට අවශ්‍ය වන්නේ විවේකය, පෝෂණය හා දියර ලබාදීම. කොවිඩ් -19 වගේ තත්ත්වයක් නම් අනවශ්‍ය ලෙස පන්තියේ අනෙක් දරුවන්ට බෝවෙන්න පුළුවන්. මේ දිනවල දරුවන් අතර වෛරස් රෝග බහුලයි. කොවිඩ් -19 පැතිර යෑමේ යම් වැඩිවීමක් දක්නට ලැබෙනවා වගේම ඩෙංගු රෝගය බහුලයි. දරුවන්ගේ කුමන හෝ වෙනසක් ඔබ දකිනවා නම් ඉක්මනින් වෛද්‍ය උපදෙස් සඳහා යොමුවීම වැදගත්. දරුවන් අතර වෙනදා යම් පාලනයක තිබුණ ඇදුම, හතිය වගේ රෝග හා වෙනත් නිදන් ගත රෝග විශේෂයෙන්ම ස්වසනා බාධ වැනි තත්ත්වයන්ගේ යම් වැඩිවීමක් හෝ තීව්‍ර තත්ත්වයේ වැඩිවීමක් මේ දිනවල පැතිර යන සෙම්ප්‍රතිශ්‍යා තත්ත්වය හා කොවිඩ් -19 තත්ත්වය සමග ම.”

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
චණ්ඩ වූ කාළගුණයෙන් පසු කඩුගන්නාවේ නවතම තත්ත්වය..කොච්චර ලස්සනට තිබ්බ තැන්ද මේ
01:05
Video thumbnail
ජනාධිපතිතුමා දීපු පොරොන්දුව බොරුවක්..?
02:20
Video thumbnail
දෙවියනේ..සෝමාවතිය පුදබිමට වෙලා තියෙන දෙයක්
00:33
Video thumbnail
සමන්තයි,සංචාරක නි.ඇමතියි සුද්දෝ එක්ක දැම්ම සුපිරි ඩාන්ස් එක
00:33
Video thumbnail
මළ ගෙදර දී නාමල් වටකරගෙන කොල්ලෝ කෙල්ලෝ සෙල්ෆි ගනී
01:56
Video thumbnail
සෝමාවතියේ චෛත්‍යය මළුව ජල කඳින් ය#වෙලා..මහ ජලකඳ මැද්දේ අලියෙක් සෙල්ලම් කරන හැටි
01:13
Video thumbnail
සර් මට පොල්ලක් කැඩෙනකම් ගැ#වා - මාව වෙව්ලුවා..මව කඳුළු වගුරමින් දරුවාට වූ අසාධාරණය හෙළිකරයි
07:10
Video thumbnail
ආණ්ඩුව ඔක්කොම අනාගන්නවා - කිසිම සැලැස්මක් නෑ
07:09
Video thumbnail
76ක පාලනය ඇතුළත ඖෂධ බ්‍රිතාන්‍ය ප්‍රමිතියෙන් පහළට ගෙනාවේ නෑ..ජීවිතය ඉල්ලගෙන එන ලෙඩාව ම# දාන ආණ්ඩුවක්
12:38
Video thumbnail
දින 23කට පසු උඩරට මැණිකේ බදුල්ලෙන් අඹේවෙල දක්වා ගමන් අරඹයි..අත්දැකීම විඳගන්න සිය ගාණක් අද එකතුවෙලා
02:10


?