දරුවන්ගේ සෞඛ්‍ය ගැන අනතුරු ඇඟවීමක්

පන්තිකාමර තුළ දී දරුවෙකුගෙන් තවත් දරුවෙකුට කොවිඩ් රෝගය බෝවීමට තිබෙන ඉඩකඩ බොහෝ සෙයින් අවම මට්ටමක පවතින බව රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළමා රෝග විශේෂඥ වෛද්‍ය චන්න ද සිල්වා මහතා පවසයි.

වෛද්‍යවරයා වැඩිදුරටත් අදහස් දක්වමින් සඳහන් කර සිටියේ, දරුවන් වැඩි පිරිසක් කොවිඩ් රෝගයට ගොදුරු වී ඇත්තේ පාසල තුළින් නොව භාහිර සමාජයෙන් බවය.

“කුඩා දරුවෙකුගෙන් තවත් දරුවෙකුට රෝගය බෝ කිරීමේ හැකියාව පන්ති කාමරය තුළ දී ඉතාම අවමයි. එහිදී වැඩිහිටි දරුවන් අතර මේ තත්ත්වය වැඩිවෙන්න පුළුවන්. නමුත් දැනට හොඳ තත්ත්වයක් තමා දරුවන් අතර, වයස අවුරුදු 12ට වැඩි අයට එන්නත්කරණය නොමිලේ ලබාගැනීමේ අවස්ථාව ඉතා පහසුවෙන් ලබාගැනීමේ හැකියාව පවතිනවා. මේ සියලු පහසුකම් ඇති කරලා තියෙන්නේ දරුවන් අතර රෝගය පැතිර යෑම අඩු කිරීමට.”

දරුවන් අතර මේ දිනවල වෛරස් රෝග හා ඩෙංගු රෝගී තත්ත්වයන් බහුලව පවතින බව ද වෛද්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

“මේ දිනවල දරුවන් අතර රෝග තත්ත්වයන් ඇති වීමේ පැහැදිලි වැඩිවීමක් දක්නට ලැබෙනවා. විශේෂයෙන්ම කොවිඩ් -19 රෝගය, වෙනත් සෙම්ප්‍රතිශ්‍යා තත්ත්ව, වෙනත් වෛරස් රෝග සහ ඩෙංගු රෝගය දක්නට ලැබෙනවා. එම නිසා යම්කිසි දරුවෙකු ට උණක්, හෙම්බිරිසාවක් හෝ යම්කිසි රෝග ලක්ෂණයක් පෙන්වනවා නම්, පළමුවෙන් ම පාසල් යැවීමෙන් වළක්වාගෙන නිවස තුළ තබාගෙන ඔවුන්ට අවශ්‍ය විවේකය ලබාදීම සහ වෛද්‍ය උපදෙස් සඳහා යොමු වීම. විශේෂයෙන්ම දරුවෙක් හෝ නිවසේ යම්කිසි කෙනෙක් යම්කිසි රෝග ලක්ෂණයක් පෙන්නුම් කරනවා නම් උණ සහිත තත්ත්වයක් තියෙනවා නම්, සෙම්ප්‍රතිශ්‍යාව තත්ත්වයක් තියෙනවා නම් දරුවන් පාසල් යැවීමෙන් වළකින්න. එමඟින් දරුවන්ට ආරක්ෂාව සැලසෙනවා. සමහර වෛරස් රෝගයන්ට අවශ්‍ය වන්නේ විවේකය, පෝෂණය හා දියර ලබාදීම. කොවිඩ් -19 වගේ තත්ත්වයක් නම් අනවශ්‍ය ලෙස පන්තියේ අනෙක් දරුවන්ට බෝවෙන්න පුළුවන්. මේ දිනවල දරුවන් අතර වෛරස් රෝග බහුලයි. කොවිඩ් -19 පැතිර යෑමේ යම් වැඩිවීමක් දක්නට ලැබෙනවා වගේම ඩෙංගු රෝගය බහුලයි. දරුවන්ගේ කුමන හෝ වෙනසක් ඔබ දකිනවා නම් ඉක්මනින් වෛද්‍ය උපදෙස් සඳහා යොමුවීම වැදගත්. දරුවන් අතර වෙනදා යම් පාලනයක තිබුණ ඇදුම, හතිය වගේ රෝග හා වෙනත් නිදන් ගත රෝග විශේෂයෙන්ම ස්වසනා බාධ වැනි තත්ත්වයන්ගේ යම් වැඩිවීමක් හෝ තීව්‍ර තත්ත්වයේ වැඩිවීමක් මේ දිනවල පැතිර යන සෙම්ප්‍රතිශ්‍යා තත්ත්වය හා කොවිඩ් -19 තත්ත්වය සමග ම.”



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බාල ගල් අඟුරු නිසා මිලියන 15000කට වැඩි පාඩුවක් වෙලා
01:10
Video thumbnail
ආණ්ඩුව රාජපක්ෂලට හීනෙනුත් බයයි
01:23
Video thumbnail
ආණ්ඩුව සුපිරිම සුපිරි වැඩක් කරන්නේ
01:08
Video thumbnail
ආණ්ඩුව රාජපක්ෂලට හීනෙනුත් බයයි..නාමල් ඇතුළට දැම්මේ පළිගැනීමට
02:49
Video thumbnail
බාල ගල් අඟුරු නිසා මිලියන 15000කට වැඩි පාඩුවක් වෙලා - බැඳුම්කර මංකොල්ලයට වඩා වැඩියි
02:21
Video thumbnail
ඥානසාර හිමියන් ඇතුළට යන්න හේතුව එකින් එක හෙළිකළ සන්ධ්‍යා එක්නැළිගොඩ
26:23
Video thumbnail
ශිරන්ති අතත් වනාගෙන බන්ධනාගාර බසයට නගියි
01:29
Video thumbnail
තම සැමියා වෙනුවෙන් අධිකරණයට ආ හිටපු අගවිනිසුරු
00:37
Video thumbnail
ඥානසාර හිමි ගිහි ඇඳුමෙන් ගෙන ඒම පිළිකුලෙන් හෙළා දකිනවා - රජ කරන්නේ සිංහල බෞද්ධ රටක
04:10
Video thumbnail
ශිරන්ති බන්ධනාගාරයට ගෙනියද්දි අධිකරණය ඉදිරියේ උණුසුම් -"මැඩම් ශක්තිමත් වෙන්න ශක්තිමත් වෙන්න"
02:40