අදටත් මම හිටපු විවාහක රූ රැජිණ. පුෂ්පිකාගේ ජරමර අස්සේ කැරොලයින් නැවතත් කරළියට

ජත්‍යන්තරයෙත් කතාබහට ලක්වුණූ “කිරුළක් ගැළවූ සිද්ධිය” තවමත් ඔබට මතක ඇතුවා නිසැකයි. ඒ ගැන යළි යළිත් කතාබහක් ඇති වුණේ, පසුගිය දිනෙක පුෂ්පිකා ද සිල්වා අමෙරිකාවේ ලාස්වේගාස් හිදී “ලෝක විවාහක රූ රැජිණ” වෙනුවෙන් තරඟ වැදුනු නිසයි.

ඇය එහි අවසන් හය දෙනා අතරට එන්න සමත් වූ අතර, ඇය තමන් “සිව්වැනි ස්ථානය” ලබාගත් බව කියමින් මුහුණූ පොතේ සටහනක්ද තබා තිබුණා. කෙසේ වෙතත්, කතාබහට ලක්වූ මෙම සිද්ධියත් සමඟ, කැරොලයින් ජූරි ගැන බොහෝ දෙනෙක් යළිත් කතාබහ කරන්න පටන් ගත්තා. කැරොලයින් පසුගිය වසරේ සියලු ප්‍රශ්නවලට පිළිතුරු දෙමින්, රංගන ශිල්පී කැළුම් විජේසූරිය සමඟ සාකච්ඡාවකට එක් ව තිබුණා. එම අවස්ථාවේ, කැළුම් අහපු ප්‍රශ්නවලට ඇය දුන්නු පිළිතුරු තමයි මේ.

කැරොලයින් කිරුළ ගැලෙව්වාම දීපූ ගෞරවය නැති වුණා..?

අදටත් මම හිටපු විවාහක රූ රැජිණ. ඒ ගෞරවය තාමත් ලංකාවට තියෙනවා.

කෙනෙකුට කිරුළක් අත් හරින්න හිතෙන්නෙ කොහොමද ? මේ ලබාගත්ත කිරුළ ලේසියෙන් ගලවලා තියන්න තරම් හේතු වුණේ මොනාද ?

මට කිසිම දුකක් තිබ්බේ නෑ මේක ගලවන්න. මම ඒක තවත් තියාගෙන හිටියා නම් තමයි අසාධාරණය වෙන්නෙ. මම හදවතින් ඒක ගැලෙව්වේ. මම ගන්න තීරණයට නිශාන් (සැමියා) ගෞරව කරනවා. අපි යාලුවෝ වගේ වෙලාවකට. අපි දෙන්නට තීරණ ගන්න හරිම ලේසියි. අපි ගන්න තීරණ අනුව තමයි අපි ඉදිරියට යන්නෙ. අර වෙච්ච අසාධාරණේ ඊළඟ අවුරුද්දේ රිපීට් වෙයිද ? මේ සිස්ටම් එක අපි වෙනස් කරන්න ඕනි. මට හොඳටම ෂුවර් නැවත මිසිස් නෙවෙයි මිස් වුණත් ගේන්න පුළුවන් මේක හරියට කළොත්. මට ලැබුණු දැනුම, එක්ස්පීරියන්ස් එක මම දෙන්න ලෑස්තියි. අපේ කාන්තාවන් ලස්සනයි. ටැලන්ටඩ්. හරි විදිහට කළොත් ගේන්න පුළුවන්.

දෙන්න පුළුවන් අවවාදේ…?

මුලින්ම තමන් තමන්ට ආදරේ කරන්න. කම්පෙයා කරන්න එපා. ඔයා ඔයාවම විශ්වාස කරන්න. සෝශල් මීඩියාවලින් නෙගටිව් කමෙන්ට්ස් හම්බෙද්දි ගොඩක් අය අවුල් වෙනවා. මම කියන්නෙ ඒවාත් අපි පොසිටිව් හිතන්න ඕනි. තමන් තමන්ට ආදරේ වෙලා මේක කරන්න ඕනි…

ආදරේ කරන අයට..?

මාත් එක්ක මේ ගමන ආවට ස්තුතියි. අනාගතයේ මේ විදිහට ඉන්න කියනවා. තැන්ක් යූ සෝ මච්… අපි සමාජයෙන් ඉගෙන ගත්ත දේ ආපස්සට දෙන්න ඕනි. සීයට සීයක් ඒක දෙන්න ඕනි. අපි එතකොට තමයි රටක් හැටියට ඉදිරියට යන්න පුළුවන්.

පසුතැවෙනවද?

අපොයි නෑ. කවදාවත් පසුතැවෙන් නෑ. මමයි හස්බනුයි මීට වඩා දේට මුහුණ දුන්නා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
30
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කෙහෙළියට වුණ දේ නලින්දටත් වෙයි
03:16
Video thumbnail
නාමල් ආපදාවලින් අසරණ වූ ළමයින්ට පොත්පත් බෙදා දෙන්න යයි."ආණ්ඩුව තාම සහන දෙන විදිය අධ්‍යයනය කරනවා"
04:13
Video thumbnail
චණ්ඩ වූ කාළගුණයෙන් පසු කඩුගන්නාවේ නවතම තත්ත්වය..කොච්චර ලස්සනට තිබ්බ තැන්ද මේ
01:05
Video thumbnail
ජනාධිපතිතුමා දීපු පොරොන්දුව බොරුවක්..?
02:20
Video thumbnail
දෙවියනේ..සෝමාවතිය පුදබිමට වෙලා තියෙන දෙයක්
00:33
Video thumbnail
සමන්තයි,සංචාරක නි.ඇමතියි සුද්දෝ එක්ක දැම්ම සුපිරි ඩාන්ස් එක
00:33
Video thumbnail
මළ ගෙදර දී නාමල් වටකරගෙන කොල්ලෝ කෙල්ලෝ සෙල්ෆි ගනී
01:56
Video thumbnail
සෝමාවතියේ චෛත්‍යය මළුව ජල කඳින් ය#වෙලා..මහ ජලකඳ මැද්දේ අලියෙක් සෙල්ලම් කරන හැටි
01:13
Video thumbnail
සර් මට පොල්ලක් කැඩෙනකම් ගැ#වා - මාව වෙව්ලුවා..මව කඳුළු වගුරමින් දරුවාට වූ අසාධාරණය හෙළිකරයි
07:10
Video thumbnail
ආණ්ඩුව ඔක්කොම අනාගන්නවා - කිසිම සැලැස්මක් නෑ
07:09


?