අදටත් මම හිටපු විවාහක රූ රැජිණ. පුෂ්පිකාගේ ජරමර අස්සේ කැරොලයින් නැවතත් කරළියට

ජත්‍යන්තරයෙත් කතාබහට ලක්වුණූ “කිරුළක් ගැළවූ සිද්ධිය” තවමත් ඔබට මතක ඇතුවා නිසැකයි. ඒ ගැන යළි යළිත් කතාබහක් ඇති වුණේ, පසුගිය දිනෙක පුෂ්පිකා ද සිල්වා අමෙරිකාවේ ලාස්වේගාස් හිදී “ලෝක විවාහක රූ රැජිණ” වෙනුවෙන් තරඟ වැදුනු නිසයි.

ඇය එහි අවසන් හය දෙනා අතරට එන්න සමත් වූ අතර, ඇය තමන් “සිව්වැනි ස්ථානය” ලබාගත් බව කියමින් මුහුණූ පොතේ සටහනක්ද තබා තිබුණා. කෙසේ වෙතත්, කතාබහට ලක්වූ මෙම සිද්ධියත් සමඟ, කැරොලයින් ජූරි ගැන බොහෝ දෙනෙක් යළිත් කතාබහ කරන්න පටන් ගත්තා. කැරොලයින් පසුගිය වසරේ සියලු ප්‍රශ්නවලට පිළිතුරු දෙමින්, රංගන ශිල්පී කැළුම් විජේසූරිය සමඟ සාකච්ඡාවකට එක් ව තිබුණා. එම අවස්ථාවේ, කැළුම් අහපු ප්‍රශ්නවලට ඇය දුන්නු පිළිතුරු තමයි මේ.

කැරොලයින් කිරුළ ගැලෙව්වාම දීපූ ගෞරවය නැති වුණා..?

අදටත් මම හිටපු විවාහක රූ රැජිණ. ඒ ගෞරවය තාමත් ලංකාවට තියෙනවා.

කෙනෙකුට කිරුළක් අත් හරින්න හිතෙන්නෙ කොහොමද ? මේ ලබාගත්ත කිරුළ ලේසියෙන් ගලවලා තියන්න තරම් හේතු වුණේ මොනාද ?

මට කිසිම දුකක් තිබ්බේ නෑ මේක ගලවන්න. මම ඒක තවත් තියාගෙන හිටියා නම් තමයි අසාධාරණය වෙන්නෙ. මම හදවතින් ඒක ගැලෙව්වේ. මම ගන්න තීරණයට නිශාන් (සැමියා) ගෞරව කරනවා. අපි යාලුවෝ වගේ වෙලාවකට. අපි දෙන්නට තීරණ ගන්න හරිම ලේසියි. අපි ගන්න තීරණ අනුව තමයි අපි ඉදිරියට යන්නෙ. අර වෙච්ච අසාධාරණේ ඊළඟ අවුරුද්දේ රිපීට් වෙයිද ? මේ සිස්ටම් එක අපි වෙනස් කරන්න ඕනි. මට හොඳටම ෂුවර් නැවත මිසිස් නෙවෙයි මිස් වුණත් ගේන්න පුළුවන් මේක හරියට කළොත්. මට ලැබුණු දැනුම, එක්ස්පීරියන්ස් එක මම දෙන්න ලෑස්තියි. අපේ කාන්තාවන් ලස්සනයි. ටැලන්ටඩ්. හරි විදිහට කළොත් ගේන්න පුළුවන්.

දෙන්න පුළුවන් අවවාදේ…?

මුලින්ම තමන් තමන්ට ආදරේ කරන්න. කම්පෙයා කරන්න එපා. ඔයා ඔයාවම විශ්වාස කරන්න. සෝශල් මීඩියාවලින් නෙගටිව් කමෙන්ට්ස් හම්බෙද්දි ගොඩක් අය අවුල් වෙනවා. මම කියන්නෙ ඒවාත් අපි පොසිටිව් හිතන්න ඕනි. තමන් තමන්ට ආදරේ වෙලා මේක කරන්න ඕනි…

ආදරේ කරන අයට..?

මාත් එක්ක මේ ගමන ආවට ස්තුතියි. අනාගතයේ මේ විදිහට ඉන්න කියනවා. තැන්ක් යූ සෝ මච්… අපි සමාජයෙන් ඉගෙන ගත්ත දේ ආපස්සට දෙන්න ඕනි. සීයට සීයක් ඒක දෙන්න ඕනි. අපි එතකොට තමයි රටක් හැටියට ඉදිරියට යන්න පුළුවන්.

පසුතැවෙනවද?

අපොයි නෑ. කවදාවත් පසුතැවෙන් නෑ. මමයි හස්බනුයි මීට වඩා දේට මුහුණ දුන්නා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ගොවියා කුඹුරෙන්ම ජීවත්වෙන්න හිතන්න හොඳ නෑ - ලාල් කාන්ත මොකද්ද මේ කියන්නේ
04:38
Video thumbnail
සජිත්ට මිනිස්සුන්ගෙන් ලැබුණු ආදරය - කට්ටිය බදාගයි..වීරවිල චෛත්‍යයකට මුල් ගල් තැබීමට ගිය සජිත්
03:22
Video thumbnail
වී මිල මදියි කියලා ලාල් කාන්තම පිළිගනී
07:47
Video thumbnail
කච්චිමඩුව වැව ප්‍රතිසංස්කරණය ලාල් කාන්තගේ අතින් ඇරඹේ
01:08
Video thumbnail
ලක්ෂ 10ක් විතර වියදම් කළා - මෙහෙම වෙයි කියලා හිතුවේ නෑ
03:48
Video thumbnail
වතුර නැතුව ගොවීන් අමාරුවේ වැටෙයි - වෙන මොකුත් එපා, වතුර තමයි ඕනේ
01:08
Video thumbnail
ගැස්ට්‍රයිටීස් රෝගයට හොඳම බෙහෙත - රාජපුර පංචබල අමෘත පානය
04:16
Video thumbnail
බස් එකේ ගල් ඉබ්බන් අරගෙන ගිය පුද්ගලයා අත්අඩංගුවට
01:03
Video thumbnail
අශ්වබල 85ට වඩා වැඩි බෝට්ටු ග්‍රෙගරි වැවෙන් ඉවත් කිරිමට තීරණයක්..යුද්දයකට යනවා වගේ බෝට්ටු යන්නේ
04:31
Video thumbnail
අගවිනිසුරුතුමාට මඩ ගහන එක අපි තරයේ හෙළා දකිනවා
03:09