පූනානීවලින් පැන්න කොරෝනා රෝගියා ඇහැලියගොඩට ආ හැටි

මඩකලපුව, වාලච්චේන පූනානී කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානයෙන් ඊයේ රාත්‍රියේ පලා ගිය කොරෝනා ආසාදිත පුද්ගලයා අද (20) පෙරවරුවේ ඇහැලියගොඩ, තොරණගොඩ ප්‍රදේශයේදී සෞඛ්‍ය අංශ භාරයට ගැනිණ.

මඩකලපුව, වාලච්චේන පූනානී කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානයෙන් එලෙස ඊයේ රාත්‍රී එලෙස පැන ගොස් තිබුණේ, ඇහැලියගොඩ ආදගල පදිංචි 43 හැවිරිදි පුද්ගලයෙකි.

ඔහු අද පෙරවරුවේ සිය නිවසට ආසන්න ප්‍රදේශයක සිටියදී පොලිසියේ මූලිකත්වයෙන් සෞඛ්‍ය අංශ භාරයට ගැනිණ.

පොලිස් නිලධාරීන් සිදු කරන ප්‍රශ්න කිරීම්වලදී අදාළ අසාදිතයා පවසා ඇත්තේ, තමාට නින්ද නොයන නිසා එම මධ්‍යස්ථානයෙන් පළා ආ බවයි.

අදාළ ආසාදිතයා පූනානි සිට කොළඹ එන එළවළු ලොරියක නැග පැමිණ ඇති අතර අලුත් පාලම අසලදී ඉන් බස තිබේ.

එතැන් සිට ඔහු ඔරුගොඩවත්ත තෙක් පයින් පැමිණ ඇති අතර අඹිලිපිටියට යන කඩවලට භාණ්ඩ ප්‍රවාහනය කරන ලොරි රථයක නැග ඇහැළිය ගොඩට පැමිණ ඇත.

පොලිසිය පැවසුවේ පසුගිය 15 වන දා මෙම පුද්ගලයා කොවිඩ් ආසාදිතයෙකු බවට තහවුරු වීමෙන් පසු වාලච්චේන පූනානී කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානයට යොමු කර ඇති බවයි.

මත්ද්‍රව්‍යට දැඩි ලෙස ඇබ්බැහි වූ අයෙකු වන මොහුට එරෙහිව නිරෝධායන නීතිවලට අනුකූලව නීතිය ක්‍රියාත්මක කරන බව පොලිසිය පැවසී ය.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා සඳහන් කළේ, යම් අයෙකු මෙවැනි වරදකට වරදකරු වුවහොත් මාස 6ක සිරඳඩුවමකට සේම රුපියල් 10,000ක දඩයකට ද යටත් කිරීමට අධිකරණයට හැකියාවක් ඇති බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අයවැය කාරකසභා විවාදය සජීවීව - 2025.12.05
10:50:02
Video thumbnail
ජනපති විපක්ෂයට කනේ ඇඟිලි ග#ගන්න දෙසයි.."කරුණාකරලා ගිහින් නඩුවක් දාන්න.."
01:44
Video thumbnail
පාර්ලිමේන්තුවම සංවේදී කරමින් ජනපති කිව්ව කතාව.."කුඩා දරුවන් තමන්ගේ කැටේ ගෙනල්ල දෙනවා"
10:32
Video thumbnail
හලාවත මුළු ටවුන් එකම හිටිහැටියේම සුන්නද්දූලි කළ බිහිසුණු සුළඟ..බෝඩ් ග#ලවන් උඩින් යයි
00:43
Video thumbnail
අජිත් පෙරේරා කුපිත වී මුළු පාර්ලිමේන්තුවම දෙවනත් කරයි..
08:23
Video thumbnail
පාර්ලිමේන්තු කතාව මැද හස්ත සංඥාවක් දීගෙනම ජනපති පාර්ලිමේන්තුවට එයි
00:45
Video thumbnail
සුජීව පාර්ලිමේන්තුවේ වීඩියෝවක් ලීක්කරයි.."ආණ්ඩුවට කිසි අත්දැකීමක් නෑ..විපක්ෂය ගණන් ගන්නෙවත් නෑ"
09:39
Video thumbnail
"වාරිමාර්ග ඇමති බයිලා ග#න්නේ නැතුව ඉල්ලා අස්වෙන්න.."චාමර සභාවේ ලෙසටම ෆයර්වෙයි
09:24
Video thumbnail
මෙන්න හදිසියේම වෙනස්වන කාලගුණයේ උඩු යටිකුරුවෙන වෙනස..
04:02
Video thumbnail
ගම්මන්පිල ජනපතිට නඩු දාන්න සැරසෙයි..නඩු දස ලක්ෂයට මුහුණ දෙනවද? තමන්ට පුළුවන් දේ කරනවද?
11:01


?