පූනානීවලින් පැන්න කොරෝනා රෝගියා ඇහැලියගොඩට ආ හැටි

මඩකලපුව, වාලච්චේන පූනානී කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානයෙන් ඊයේ රාත්‍රියේ පලා ගිය කොරෝනා ආසාදිත පුද්ගලයා අද (20) පෙරවරුවේ ඇහැලියගොඩ, තොරණගොඩ ප්‍රදේශයේදී සෞඛ්‍ය අංශ භාරයට ගැනිණ.

මඩකලපුව, වාලච්චේන පූනානී කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානයෙන් එලෙස ඊයේ රාත්‍රී එලෙස පැන ගොස් තිබුණේ, ඇහැලියගොඩ ආදගල පදිංචි 43 හැවිරිදි පුද්ගලයෙකි.

ඔහු අද පෙරවරුවේ සිය නිවසට ආසන්න ප්‍රදේශයක සිටියදී පොලිසියේ මූලිකත්වයෙන් සෞඛ්‍ය අංශ භාරයට ගැනිණ.

පොලිස් නිලධාරීන් සිදු කරන ප්‍රශ්න කිරීම්වලදී අදාළ අසාදිතයා පවසා ඇත්තේ, තමාට නින්ද නොයන නිසා එම මධ්‍යස්ථානයෙන් පළා ආ බවයි.

අදාළ ආසාදිතයා පූනානි සිට කොළඹ එන එළවළු ලොරියක නැග පැමිණ ඇති අතර අලුත් පාලම අසලදී ඉන් බස තිබේ.

එතැන් සිට ඔහු ඔරුගොඩවත්ත තෙක් පයින් පැමිණ ඇති අතර අඹිලිපිටියට යන කඩවලට භාණ්ඩ ප්‍රවාහනය කරන ලොරි රථයක නැග ඇහැළිය ගොඩට පැමිණ ඇත.

පොලිසිය පැවසුවේ පසුගිය 15 වන දා මෙම පුද්ගලයා කොවිඩ් ආසාදිතයෙකු බවට තහවුරු වීමෙන් පසු වාලච්චේන පූනානී කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානයට යොමු කර ඇති බවයි.

මත්ද්‍රව්‍යට දැඩි ලෙස ඇබ්බැහි වූ අයෙකු වන මොහුට එරෙහිව නිරෝධායන නීතිවලට අනුකූලව නීතිය ක්‍රියාත්මක කරන බව පොලිසිය පැවසී ය.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා සඳහන් කළේ, යම් අයෙකු මෙවැනි වරදකට වරදකරු වුවහොත් මාස 6ක සිරඳඩුවමකට සේම රුපියල් 10,000ක දඩයකට ද යටත් කිරීමට අධිකරණයට හැකියාවක් ඇති බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ටිල්වින් වැරැද්ද පිළිගෙන සමාව ගත්තා - එකළොස් ලක්ෂයක් නඩු බෝල්ට් පොයින්ට් පෑනෙන් විසඳන්න බැහැ
07:24
Video thumbnail
දුම ගැහුවට වැඩක් නෑ ආයේ එනවා මදුරුවෝ - පරිසරයේ අනිත් සත්තුන්ට මේක හොඳ නෑ
04:05
Video thumbnail
මහවැලි ගඟේ දිය නෑමට ගොස් 10 වසර ළමයෙක් ගි# අතුරුදහන් - "එයා පීනගෙන එද්දි යට ගියා"
02:21
Video thumbnail
හොරකම් කරපු මුදල් වෙන රටවලට ගියාද ?නිරුක්ෂගෙන් ප්‍රබල හෙළිදරව්වක්
12:40
Video thumbnail
වැලිගම දින 90 සුපිරි වැඩසටහන - ටොෆි කොලයක් පාරට දාන්නේ නැති සමාජයක් හදනවා
04:54
Video thumbnail
වසර 12ක් විභාග වූ ප්‍රසිද්ධ ගායන ශිල්පී චිලීගේ නඩුව අවසන් කරයි
01:12
Video thumbnail
යතුරුපැදියක් මෝටර් රථයක වැදී යතුරුපැදිකරුට බරපතළ තුවාල
01:30
Video thumbnail
අනවසර ගොඩනැගිල්ලක් කඩා ඉවත් කිරීමේදී උණුසුම් තත්ත්වයක්
01:29
Video thumbnail
අනවසරයෙන් මසුන් ඇල්ලූ ඉන්දීය ධීවර යාත්‍රාවක් නාවික හමුදා භාරයට
00:14
Video thumbnail
මෙරට මුහුදු සීමාවේ මසුන් ඇල්ලූ ඉන්දීය ධීවරයින් 9දෙනෙක් නාවික හමුදා භාරයට
00:38