දස දෙනෙකු රෝහලට යැවූ රිය අනතුර

පොල්ගහවෙල පොලිස් වසමේ කුරුණෑගල කොළඹ මාර්ගයේ රත්මල්ගොඩ ප්‍රදේශයේදී මගී බස් රථයක් අද (23) උදෑසන අනතුරකට ලක්වී තිබේ.

ටිපර් රථයක් හා බස් රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් එම අනතුර සිදුවී ඇත.

අදාළ බස් රථය ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් මුලතිව් සිට මහරගම දක්වා ධාවනය වූ බස් රථයකි.

අනතුරින් වයස අවුරුදු 35ක පදවිය ප්‍රදේශයේ පදිංචි කාන්තාවක් මියගොස් ඇත.

තුවාල ලැබූ පුද්ගලයින් 10 දෙනෙකු කුරුණෑගල රෝහලට ඇතුළත් කර ඇති අතර ඉන් 4 දෙනෙකු හදිසි ප්‍රතිකාර ඒකකයට ඇතුළත් කර ඇති බව පොලීසිය පැවසීය.

අනතුර සම්බන්ධයෙන් බස් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන තිබේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?