දස දෙනෙකු රෝහලට යැවූ රිය අනතුර

පොල්ගහවෙල පොලිස් වසමේ කුරුණෑගල කොළඹ මාර්ගයේ රත්මල්ගොඩ ප්‍රදේශයේදී මගී බස් රථයක් අද (23) උදෑසන අනතුරකට ලක්වී තිබේ.

ටිපර් රථයක් හා බස් රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් එම අනතුර සිදුවී ඇත.

අදාළ බස් රථය ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් මුලතිව් සිට මහරගම දක්වා ධාවනය වූ බස් රථයකි.

අනතුරින් වයස අවුරුදු 35ක පදවිය ප්‍රදේශයේ පදිංචි කාන්තාවක් මියගොස් ඇත.

තුවාල ලැබූ පුද්ගලයින් 10 දෙනෙකු කුරුණෑගල රෝහලට ඇතුළත් කර ඇති අතර ඉන් 4 දෙනෙකු හදිසි ප්‍රතිකාර ඒකකයට ඇතුළත් කර ඇති බව පොලීසිය පැවසීය.

අනතුර සම්බන්ධයෙන් බස් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන තිබේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ආණ්ඩුව රාජපක්ෂලට හීනෙනුත් බයයි
01:23
Video thumbnail
ආණ්ඩුව සුපිරිම සුපිරි වැඩක් කරන්නේ
01:08
Video thumbnail
ආණ්ඩුව රාජපක්ෂලට හීනෙනුත් බයයි..නාමල් ඇතුළට දැම්මේ පළිගැනීමට
02:49
Video thumbnail
බාල ගල් අඟුරු නිසා මිලියන 15000කට වැඩි පාඩුවක් වෙලා - බැඳුම්කර මංකොල්ලයට වඩා වැඩියි
02:21
Video thumbnail
ඥානසාර හිමියන් ඇතුළට යන්න හේතුව එකින් එක හෙළිකළ සන්ධ්‍යා එක්නැළිගොඩ
26:23
Video thumbnail
ශිරන්ති අතත් වනාගෙන බන්ධනාගාර බසයට නගියි
01:29
Video thumbnail
තම සැමියා වෙනුවෙන් අධිකරණයට ආ හිටපු අගවිනිසුරු
00:37
Video thumbnail
ඥානසාර හිමි ගිහි ඇඳුමෙන් ගෙන ඒම පිළිකුලෙන් හෙළා දකිනවා - රජ කරන්නේ සිංහල බෞද්ධ රටක
04:10
Video thumbnail
ශිරන්ති බන්ධනාගාරයට ගෙනියද්දි අධිකරණය ඉදිරියේ උණුසුම් -"මැඩම් ශක්තිමත් වෙන්න ශක්තිමත් වෙන්න"
02:40
Video thumbnail
හිර ගෙවල් දහසක දැම්මත් යුතුකම දිවි හිමියෙන් ඉටු කරනවා - විමල් සැරවෙයි
02:04