ඔමික්‍රෝන් කොරෝනාවෛරස ප්‍රභේදය ශීඝ්‍රයෙන් රට පුරා පැතිර යමින් පවතින බැවින් එන්නත් ලබා ගැනීම පිළිබඳව ජනතාව උනන්දුවක් නොදැක්වුවහොත් මීට වසරකට ඉහත දී රටේ පැවැති තත්ත්වය වැනි තත්ත්වයක් උදාවීම කිසිසේත් වැළැක්විය නොහැකි යැයි සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් අවධාරණය කළේ ය.
රටේ හමුවන කොරෝනා ආසාදිතයන් අතරින් ඔමික්‍රෝන් ප්‍රභේදය ආසාදිත වූ සියයට 30කට අධික රෝගීන් සංඛ්‍යාවක් රීක්‍ෂණවල ප්‍රතිඵල අනුව වාර්තා වන බව විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් පැවසීය.
මේ වනවිට කොරෝනා ආසාදිතයන් දිනකට 800 ඉක්මවා වාර්තා වන බව පෙන්වා දෙන විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මේ තත්ත්වය යටතේ දිනකට ආසාදිතයන් 1,000 ඉක්මවා යාමේ තත්ත්වයක් නිර්මාණ වීමට ඉඩ ඇති බව අවධාරණය කළේ ය.
එවැනි තත්ත්වයක් උද්ගත වුවහොත් කොරෝනා ආසාදිතයන් සඳහා ප්‍රතිකාර මධ්‍යස්ථාන, දැඩි සත්කාර ඒකක, ඔක්සිජන් පහසුකම් ඇතුළු අනෙකුත් පහසුකම් සැලසීමට රජයට සිදුවන බව පැවසූ විශේෂඥ වෛද්‍යවරයා සෞඛ්‍ය උපදෙස් නොසලකා හැර පසුගිය දීර්ඝ නිවාඩුවක් සහිත සති අන්තයේ විවිධ සංචාරවල යෙදුණු සියලු දෙනා ම මේ තත්ත්වයට වගකිව යුතුව ඇතැයි පෙන්වා දුන්නේ ය.




