එන්නත අතහැරියොත් ජීවිතයත් අතහරින්න වේවි

ඔමික්‍රෝන් කොරෝනාවෛරස ප්‍රභේදය ශීඝ්‍රයෙන් රට පුරා පැතිර යමින් පවතින බැවින් එන්නත් ලබා ගැනීම පිළිබඳව ජනතාව උනන්දුවක් නොදැක්වුවහොත් මීට වසරකට ඉහත දී රටේ පැවැති තත්ත්වය වැනි තත්ත්වයක් උදාවීම කිසිසේත් වැළැක්විය නොහැකි යැයි සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් අවධාරණය කළේ ය. 

රටේ හමුවන කොරෝනා ආසාදිතයන් අතරින් ඔමික්‍රෝන් ප්‍රභේදය ආසාදිත වූ සියයට 30කට අධික රෝගීන් සංඛ්‍යාවක් රීක්‍ෂණවල ප්‍රතිඵල අනුව වාර්තා වන බව විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් පැවසීය. 

මේ වනවිට කොරෝනා ආසාදිතයන් දිනකට 800 ඉක්මවා වාර්තා වන බව පෙන්වා දෙන විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මේ තත්ත්වය යටතේ දිනකට ආසාදිතයන් 1,000 ඉක්මවා යාමේ තත්ත්වයක් නිර්මාණ වීමට ඉඩ ඇති බව අවධාරණය කළේ ය.

එවැනි තත්ත්වයක් උද්ගත වුවහොත් කොරෝනා ආසාදිතයන් සඳහා ප්‍රතිකාර මධ්‍යස්ථාන, දැඩි සත්කාර ඒකක, ඔක්සිජන් පහසුකම් ඇතුළු අනෙකුත් පහසුකම් සැලසීමට රජයට සිදුවන බව පැවසූ විශේෂඥ වෛද්‍යවරයා සෞඛ්‍ය උපදෙස් නොසලකා හැර පසුගිය දීර්ඝ නිවාඩුවක් සහිත සති අන්තයේ විවිධ සංචාරවල යෙදුණු සියලු දෙනා ම මේ තත්ත්වයට වගකිව යුතුව ඇතැයි පෙන්වා දුන්නේ ය.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ශිරන්ති අතත් වනාගෙන බන්ධනාගාර බසයට නගියි
01:29
Video thumbnail
තම සැමියා වෙනුවෙන් අධිකරණයට ආ හිටපු අගවිනිසුරු
00:37
Video thumbnail
ඥානසාර හිමි ගිහි ඇඳුමෙන් ගෙන ඒම පිළිකුලෙන් හෙළා දකිනවා - රජ කරන්නේ සිංහල බෞද්ධ රටක
04:10
Video thumbnail
ශිරන්ති බන්ධනාගාරයට ගෙනියද්දි අධිකරණය ඉදිරියේ උණුසුම් -"මැඩම් ශක්තිමත් වෙන්න ශක්තිමත් වෙන්න"
02:40
Video thumbnail
හිර ගෙවල් දහසක දැම්මත් යුතුකම දිවි හිමියෙන් ඉටු කරනවා - විමල් සැරවෙයි
02:04
Video thumbnail
2018 වස‍රෙත් ඥානසාර හිමි දඬුවම වින්දේ සිර ඇඳුමෙන්
08:02
Video thumbnail
තම සැමියා වෙනුවෙන් අධිකරණයට ආ හිටපු අගවිනිසුරු ශිරාණි බණ්ඩාරණායක
00:52
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.10.07
07:22:45
Video thumbnail
ශිරන්ති ගේද්දි අධිකරණය අසලට කාන්තාවෝ එකතුවෙයි - "මැඩම්..ඩෝන්ට් වොරි..ඩෝන්ට් වොරි මැඩම්"
01:25
Video thumbnail
ඥානසාර හිමි ජම්පරේ ඇන්දා කියලා ඔප්පු කළොත් අපිත් ජම්පරේ අදිනවා - වැහුවේ එක කටයි
06:36