කෝටියක බඩුත් එක්ක කාන්තාවක් ගුවන්තොටුපොළේදී මාට්ටු වුණ හැටි

තීරුබදු රහිතව වංචනික ලෙස ගෙන්වන ලද රුපියල් කෝටියකට ආසන්න වටිනාකමකින් යුතු ස්වර්ණාභරණ තොගයක් සමග කාන්තාවක් කටුනායක ගුවන්තොටුපොළේදී පොලිස් මත්ද්‍රව්‍යනාශක කාර්යාංශය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

පොලීසිය පැවසුවේ සැකකාරිය 30 හැවිරිදි මහනුවර ප්‍රදේශයේ පදිංචි ව්‍යාපාරික කාන්තාවක් බවය.

සැකකාරිය සතුව තිබී ග්‍රෑම් 599යි මිලි ග්‍රෑම් 404ක් බරැති රත්‍රං වළලු 06ක් සහ ග්‍රෑම් 200යි මිලි ග්‍රෑම් 44ක් බරැති රන් මාලයක් සොයාගෙන ඇත.

අත්අඩංගුවට ගත් කාන්තාව සහ ස්වර්ණාභරණ කටුනායක ගුවන්තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් විසින් වැඩිදුර විමර්ශන කටයුතු සඳහා ගුවන් තොටුපොළ රේගු විමර්ශන ඒකකය වෙත භාර දී තිබේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?