කෝටියක බඩුත් එක්ක කාන්තාවක් ගුවන්තොටුපොළේදී මාට්ටු වුණ හැටි

තීරුබදු රහිතව වංචනික ලෙස ගෙන්වන ලද රුපියල් කෝටියකට ආසන්න වටිනාකමකින් යුතු ස්වර්ණාභරණ තොගයක් සමග කාන්තාවක් කටුනායක ගුවන්තොටුපොළේදී පොලිස් මත්ද්‍රව්‍යනාශක කාර්යාංශය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

පොලීසිය පැවසුවේ සැකකාරිය 30 හැවිරිදි මහනුවර ප්‍රදේශයේ පදිංචි ව්‍යාපාරික කාන්තාවක් බවය.

සැකකාරිය සතුව තිබී ග්‍රෑම් 599යි මිලි ග්‍රෑම් 404ක් බරැති රත්‍රං වළලු 06ක් සහ ග්‍රෑම් 200යි මිලි ග්‍රෑම් 44ක් බරැති රන් මාලයක් සොයාගෙන ඇත.

අත්අඩංගුවට ගත් කාන්තාව සහ ස්වර්ණාභරණ කටුනායක ගුවන්තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් විසින් වැඩිදුර විමර්ශන කටයුතු සඳහා ගුවන් තොටුපොළ රේගු විමර්ශන ඒකකය වෙත භාර දී තිබේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ශිරන්ති අතත් වනාගෙන බන්ධනාගාර බසයට නගියි
01:29
Video thumbnail
තම සැමියා වෙනුවෙන් අධිකරණයට ආ හිටපු අගවිනිසුරු
00:37
Video thumbnail
ඥානසාර හිමි ගිහි ඇඳුමෙන් ගෙන ඒම පිළිකුලෙන් හෙළා දකිනවා - රජ කරන්නේ සිංහල බෞද්ධ රටක
04:10
Video thumbnail
ශිරන්ති බන්ධනාගාරයට ගෙනියද්දි අධිකරණය ඉදිරියේ උණුසුම් -"මැඩම් ශක්තිමත් වෙන්න ශක්තිමත් වෙන්න"
02:40
Video thumbnail
හිර ගෙවල් දහසක දැම්මත් යුතුකම දිවි හිමියෙන් ඉටු කරනවා - විමල් සැරවෙයි
02:04
Video thumbnail
2018 වස‍රෙත් ඥානසාර හිමි දඬුවම වින්දේ සිර ඇඳුමෙන්
08:02
Video thumbnail
තම සැමියා වෙනුවෙන් අධිකරණයට ආ හිටපු අගවිනිසුරු ශිරාණි බණ්ඩාරණායක
00:52
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.10.07
07:22:45
Video thumbnail
ශිරන්ති ගේද්දි අධිකරණය අසලට කාන්තාවෝ එකතුවෙයි - "මැඩම්..ඩෝන්ට් වොරි..ඩෝන්ට් වොරි මැඩම්"
01:25
Video thumbnail
ඥානසාර හිමි ජම්පරේ ඇන්දා කියලා ඔප්පු කළොත් අපිත් ජම්පරේ අදිනවා - වැහුවේ එක කටයි
06:36