AFC Banner
Empty Ad
Empty Ad

නිරෝධායන නීති කඩ කරමින් උපකාරක පන්ති පැවැත්වූ ගුරුවරියට දඩ

නිරෝධායන නීතිවලට පටහැනිව උපකාරක පන්තියක් පවත්වාගෙන ගිය ගුරුවරියකට අද රුපියල් දහසක දඩ මුදලක් ගෙවන ලෙසට නියම කෙරුණා. ඒ, දික්ඔය නගර සභාවේ මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් විසින් අදාළ ගුරුවරිය හැටන් දිසා විනිසුරු සහ මහේස්ත‍්‍රාත් ජේ.ට්‍රොස්කි වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

අදාළ ගුරුවරිය හැටන්, දුඹුරුගිරිය මාර්ගයේ ආගමික ස්ථානයක ළමුන් 50ක් පමණ සහභාගි කරගෙන නිරෝධායන නීතිවලට පටහැනිව උපකාරක පන්තියක් පවත්වාගෙන ගොස් තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?