හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මියගේ කාලයේ සිටම දශක දෙකකට වැඩි කාලයක් රටේ ආර්ථිකය මෙහෙයවමින් සිටියේ පී.බී.ජයසුන්දර ය.ඒ අතර ඔහු පසුගියදා තනතුරින් ඉවත් වීමට තීන්දු කළේය.
මේ අතර, විදෙස් රටක සිටින පී.බී.ගේ එක්තරා මිත්‍රයකු පී.බී,ට වට්ස්ඇප් පණිවුඩයක් එවීමට පියවර ගෙන තිබිණි. ‘දැන් ඔබතුමාත් අයින් වෙනවා. මට හරිම කනගාටුයි. මොකක්ද රටට වෙන්න යන්නේ…?’ යනුවෙන් ඔහු අසා තිබිණි.
ඊට පී.බී. ලබාදී තිබුණේ වචන 6ක ඉතා කෙටි උත්තරයකි. වචන 6ක් පමණක් වුවත් එහි ගැබ්ව තිබුනේ ඉතා බරපතළ ආර්ථයකි. ‘Only god can save our country’ යනුවෙන් එහි සඳහන්ව තිබූ අතර එහි සිංහල තේරුම වනුයේ, ‘අපේ රට බේරගන්න පුළුවන් දෙවියන්ට පමණයි…’ යන්නය. ඒ අනුව පී.බී.ගේ මේ උත්තරයෙන් පැහැදිලි වන්නේ මෙම ආර්ථික අර්බුදයෙන් රට බේරාගැනීම පහසු නොවන බව පී.බී.ටද වැටහී බවය.




