හදිසියේ රෝගාතුර වූ පාසල් ළමුන් 12ක් රෝහල් ගත කෙරේ

ක්ලාන්ත තත්ත්වයක් ඇති විම හේතුවෙන් පාසල් ළමුන් 12 දෙනෙකු වටවල ප්‍රාදේශිය රෝහල වෙත (18) දින ඇතුලත් කල බව වටවල බින්ඔය දමිල මහ විද්‍යාලයේ විදුහල්පතිනිය පැවසිය.

එම විද්‍යාලයේ 5 වසරේ අධ්‍යාපනය ලබන සිසුන් 07 දෙනෙකු සහ සිසුවියන් 05 දෙනෙකු වරින් වර ක්ලාන්ත තත්ත්වයක් ඇතිවිම හේතුවෙන් රෝහල් ගත කල බවත්, රෝහල් ගත කල සිසු සිසුවියන්ගේ තත්ත්වය බරපතල නොවන බවයි විදුහල්පනිතිය කියා සිටියේ.
වටවල ප්‍රදේශයට මේ දිනවල පවතින වියළි කාලගුණයත් සමග ප්‍රදේශයේ පවතින දැඩි වියළි කාලගුණ තත්ත්වය හේතුවෙන් මෙලෙස ළමුන්ට ක්ලාන්තය ඇති විමට හේතුව වි ඇති බවයි විදුහල්පතිනිය කියා සිටින්නේ.

රෝහලේ නේවාසික ප්‍රතිකාර ලැබු සිසු සිසුවියන් අතරින් සිසු සිසුවියන් 08 දෙනෙකු ප්‍රතිකාර ලබා රෝහලෙන් පිටව ගොස් ඇති බවද විදුහල්පතිනිය පැවසිය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?